Trending Newsඑසැන පුවත්දේශීය

මන්ත්‍රී ලියුම් ගැන නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුව පසුගිය මාස ගණනාවක් තුළ ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිමය කරුණුවලදී ජනතාවට සුබ සිද්ධියක් සිදු වෙනවාද යන්න ගැටලුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. .

ආණ්ඩු​ව යෞවන සමාජවල සිට ගමේ මරණාධාර සමිතිය දක්වා දේශපාලනීකරණය කිරීම හා තමන්ගේ පක්ෂයේ අධිපත්‍ය පැතිරවීමේ වැඩපිළිවෙළක් කරගෙන යන බවද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මේ වන විට, මහජන දිනයක්ද නොමැති බවත්, මන්ත්‍රීවරයකුගෙන් ලියුමක් රැගෙන යම් සේවයක් ලබා ගැනීමට ආණ්ඩුවේ දේශපාලන ක්‍රමවේදය තුළ ඉඩක් නැති බවද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

පන්සලේ, පල්ලියේ, කෝවිලේ සංවර්ධනය අඩාල කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

கல்வீச்சு தாக்குதலில் ஆசிரியர் சேவை சங்கத்தின் தலைவர் காயம்

Mohamed Dilsad

ඉදිරි මැතිවරණයේ දී ජයග්‍රහණය කරන විකල්ප අපේක්ෂකයා එක්සත් ජනරජ පෙරමුණෙන්

Editor O

සියලුම බන්ධනාගාර වලට අමුත්තන් පැමිණීම තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment