Trending Newsඑසැන පුවත්දේශීය

මන්ත්‍රී ලියුම් ගැන නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුව පසුගිය මාස ගණනාවක් තුළ ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිමය කරුණුවලදී ජනතාවට සුබ සිද්ධියක් සිදු වෙනවාද යන්න ගැටලුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. .

ආණ්ඩු​ව යෞවන සමාජවල සිට ගමේ මරණාධාර සමිතිය දක්වා දේශපාලනීකරණය කිරීම හා තමන්ගේ පක්ෂයේ අධිපත්‍ය පැතිරවීමේ වැඩපිළිවෙළක් කරගෙන යන බවද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මේ වන විට, මහජන දිනයක්ද නොමැති බවත්, මන්ත්‍රීවරයකුගෙන් ලියුමක් රැගෙන යම් සේවයක් ලබා ගැනීමට ආණ්ඩුවේ දේශපාලන ක්‍රමවේදය තුළ ඉඩක් නැති බවද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

පන්සලේ, පල්ලියේ, කෝවිලේ සංවර්ධනය අඩාල කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

පාසැල් දෙවන වාර නිවාඩුව ඔක්තෝබර් 09 සිට

Mohamed Dilsad

විල්පත්තුවේ ජනතාව නැවත පදිංචි කිරීම පිළිබඳව, හිටපු ඇමති බදියුදීන්ට එරෙහි රිට් පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

Editor O

இலங்கைக்கு இரண்டாம் கட்டமாக $167.2 மில்லியன் நிதி உதவி

Mohamed Dilsad

Leave a Comment