Trending Newsඑසැන පුවත්දේශීය

වාහන මිල වැඩිම රටවල් අතර ශ්‍රී ලංකාව තෙවෙනි තැන

ලෝක බැංකුවේ වාහන මිල මට්ටම් දත්ත අනුව ශ්‍රී ලංකාව වාහන මිල ගණන් අතින් ලෝකයේ තෙවන ස්ථානයට පත්ව ඇතැයි ඇඩ්වකොටා ආයතනය කියයි.
2021 වසරේදී ගෝලීය සාමාන්‍යයට වඩා 1.75 ගුණයකින් වැඩි මිලක් මෙරට වාහන සඳහා පැවතීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

මෙම දර්ශකයේ ගෝලීය මට්ටම 100 ලෙස සලකන විට, ශ්‍රී ලංකාවේ අගය 175ක් වන අතර එය සිංගප්පූරුව සහ මාලදිවයින හැර අනෙකුත් සියලුම රටවල් අභිබවා යයි.

ඉහළ ආනයන බදු සහ සීමාකාරී ප්‍රතිපත්ති හේතුවෙන් වාහනයක් මිලදී ගැනීම බොහෝ දෙනෙකුට ළඟා විය නොහැකි සිහිනයක් බවට පත්ව ඇත.

මෙය රටේ සංචරණය ඵලදායිතාව සහ ආර්ථික අවස්ථා කෙරෙහිද අහිතකර ලෙස බලපායි. කෙසේ වෙතත් මෙම වාර්තාව සැකසෙන්නේ 2021 දත්ත මත පදනම්ව වන අතර මේ වන විට මෙරට වාහන බදු පෙරට වඩා වැඩි කර ඇති බැවින් දර්ශකයද වෙනස් වනු ඇත.


Related posts

20 Deaths in 5 months on railway tracks – Railway Dept.

Mohamed Dilsad

சஹ்ரானின் உறவினர் கட்டுபொத்த பகுதியில் கைது

Mohamed Dilsad

ඩොලරයේ අගය තවත් ඉහළ නගී

Mohamed Dilsad

Leave a Comment