Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවේ “බඩුම තමා”, තිසා වැව් රක්ෂිතයේ නිවසක් ඉදිකරලා.

“රාජ සභාවේ මහින්ද පතිරගේ, අර බඩුම තමයි කියන එක්කෙනා, තිසා වැව රක්ෂිතේ ගෙයක් හදලා. ඊට අමතරව සුද්ද කරලා පුච්චලා තියෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (05) ප්‍රකාශ කළේය.

සිදුවීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත ට ආමන්ත්‍රණය කරමින්, “ලාල් කාන්තට කියන්න බඩුම තමයි මුලින්ම අල්ලලා අයින් කරන්න කියලා” යැයි ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. .

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය වසන්ත සමරසිංහ පවසා සිටියේ අදාළ ඉඩම මහින්ද පතිරගේ ට පවුලෙන් උරුම වූවක් බවයි. ඔහු තමන් සමඟ දේශපාලනය කරන ක්‍රියාකාරී අයෙකු බැවින් තමන් මේ ගැන කතා කරන බවද අමාත්‍යවරයා පැවසීය.

කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් චාමර සම්පත් දසනායක මන්ත‍්‍රීවරයා සඳහන් කර සිටියේ මේ දිනවල අමාත්‍යවරයා වැඩිය අනුරාධපුරේ නොයන බැවින් නිවැරදි තොරතුරු නොදන්නා බවත් නමුත් තමන් සතුව තොරතුරු ඇති බැවින් අනුරාධපුරේ ගොස් තොරතුරු සොයාගෙන පැමිණීමෙන් පසුව වැඩිදුරටත් කතා කළ හැකි බවත් ය.

Related posts

“Political crisis will resolve next week,” President assures TNA

Mohamed Dilsad

ජනපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් දවස පුරා ක්‍රියාත්මකයි

Mohamed Dilsad

Premier and Chinese Asst. Foreign Minister Meet

Mohamed Dilsad

Leave a Comment