Trending Newsඑසැන පුවත්දේශීය

ඇමෙරිකානු තීරු බදු සහනය ගන්න, වෙච්ච මහන්සිය ගැන මහින්ද කියයි.

ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රි ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා අද පෙරවරුවේ ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

වීටන් හි පිහිටි මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානය වෙත පැමිණි මහින්ද සමරසිංහ මහතා, උපරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුව, පැවැති අදහස් හුවමාරුවේ දී කියා සිටියේ ශ්‍රි ලංකාව සඳහා වන ඇමරිකානු තීරුබදු සහනය ලබා ගැනීම ශ්‍රි ලංකාව ලද සුවිශේෂි ජයග්‍රහණය බවයි.

ඒ වෙනුවෙන් ශ්‍රි ලංකා රජයේ මඟ පෙන්වීම යටතේ, තමා ගත් රාජ්‍යතාන්ත්‍රික පියවර මහින්ද සමරසිංහ මහතා කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ වෙත, පැහැදිලි කර සිටියේය.

ඇමරිකානු තීරුබදු ප්‍රතිශතය තවදුරත් අවම කර ගැනීම සඳහා වන රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ උත්සහය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව කියා සිටි මහින්ද සමරසිංහ මහතා, දැනට ලැබී ඇති තීරුබදු සහනය ශ්‍රි ලංකා ආර්ථිකයට ගුණාත්මක බලපෑමක් ඇතිකරනු ඇතිබවත්  කියා සිටියේය.
මහින්ද සමරසිංහ මහතා 2021 දෙසැම්බර් මාසයේ සිට ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරන්නේ එවකට ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ පත් කිරිමක් මතයි.

lankacnews

Related posts

එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගෙවීම පැහැරහැරීම ගැන කරුණු ඉදිරිපත් කරන්න ; ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපති ට නියෝග

Editor O

Poles raise money to buy new lorry for stranded Iranian – [IMAGES]

Mohamed Dilsad

තැපැල් වර්ජනයට සමග සියලු වෘත්තීය සමිති එකතු වෙනවා – ලංකා ගුරු සංගමය

Editor O

Leave a Comment