එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් නඩුකරවලදී ගෙවෙන ලෙස නියම කෙරුණු වන්දි මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් එම නෞකාවේ විදේශීය සමාගමට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ සොයාබලා ලබන ජනවාරි මස 26 වනදා අධිකරණයට කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නීතිපතිවරයාට නියම කළේය.
අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කළ නියෝග ක්‍රියාත්මක වී ඇති ආකාරය සොයා බැලීම සඳහා එම පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණි.
