Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි ඇත්ත තත්ත්වය මෙන්න

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල ප්‍රසාද් මහතා පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙය නිරීක්‍ෂණය කරන්නට ගොස් තිබේ.

පාර්ලිමේන්තු කුස්සිය අපිරිසිදු වී ඇති බවත් මීයන් ගැවසෙන බවත් කථානායකවරයා කළ ප්‍රකාශය පිළිබඳ සොයා බැලීම සඳහා මෙම නිරීක්‍ෂණය කළ බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

එහි ගබඩා කාමර වීදුරු සහ දැල් යොදා සකස් කර ඇති අතර, කාර්ය මණ්ඩලය පිරිසිදුභාවය ආරක්ෂා කිරීමට නිරන්තරයෙන් කටයුතු කරන බවත් කථානායකවරයා කියන ආකාරයේ අපිරිසිදුවක් නැති බවත් අමිල  ප්‍රසාද් මහතා  සඳහන් කරයි.

පාර්ලිමේන්තු මුළුතැන් ගේ උඳුන් 7න් 6ක් අක්‍රීය වන අතර, උපකරණ අබලන්ව පවතින්නේ යැයි ද  ශීතාගාරය අලුත්වැඩියා කළ යුතු තත්ත්වයක ඇතැයි ද  අමිල ප්‍රසාද්  මහතා සිය නිරීක්‍ෂණයෙන් පසුව සිය මුහුණුපොත වෙත සටහනක් එක් කරමින් සටහන් කර තිබේ.

එහි පිටාර පංකා (Exhaust Fans) අක්‍රීය වී තිබීම, ටයිල් පළුඳු වී තිබීම සහ නාන කාමර ද අබලන් තත්ත්වයේ  පවතින බව ද නිරීක්ෂණ වූ බව මන්ත්‍රීවරයා සටහන් කර ඇත.

“පාර්ලිමේන්තු මුළුතැන් ගෙය නිරීක්ෂණය
මම ඊයේ (24) පාර්ලිමේන්තු මුළුතැන් ගෙය නිරීක්ෂණය කළ අවස්ථාවේදී, කථානායකතුමා විසින් කරන ලද මීයන් ගැවසීම සහ අපිරිසිඳු තත්ත්වය පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් කිසිදු සාධකයක් නොතිබූ බව මට තහවුරු විය.

ගබඩා කාමර වීදුරු සහ දැල් යොදා සකස් කර ඇති අතර, කාර්ය මණ්ඩලය පිරිසිදුභාවය ආරක්ෂා කිරීමට නිරන්තරයෙන් කටයුතු කරයි. වසර 35ක කාලයක් පුරා මේ ආහාර සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් මතුව නොමැත. එබැවින් මෙම චෝදනා කාර්ය මණ්ඩලයේ ගෞරවය හා අභිමානයට හානි කරන බව මගේ අදහසයි.

එසේම, නව පහසුකම් නොලැබූ අතර දැනට උඳුන් 7න් 6ක් අක්‍රීය වන අතර, උපකරණ අබලන්ව පවතින බව මට දැකගැනීමට ලැබුණි.

එසේම ශීතාගාරය අලුත්වැඩියා කළ යුතු තත්ත්වයක පවතින බවත්, පිටාර පංකා (Exhaust Fans) අක්‍රිය වී තිබීම, ටයිල් පළුඳු වී තිබීම සහ නාන කාමර ද අබලන් තත්ත්වයේ  පවතින බව ද නිරීක්ෂණ විය.

මෙම ගැටළු කඩිනමින් විසඳා කාර්ය මණ්ඩලය තවත් අපහසුතාවයට ලක් නොවන පරිදි කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි.”

Related posts

தடை செய்யப்பட்ட அமைப்புகளை சேர்ந்த உறுப்பினர்கள் இருவர் கைது

Mohamed Dilsad

அரச சேவையானது ஊழல், மோசடியற்றதாகக் காணப்பட வேண்டும் – ஜனாதிபதி [VIDEO]

Mohamed Dilsad

රාජ්‍ය සේවක වැටුප අපේ‍්‍රල් 8 වැනිදා

Mohamed Dilsad

Leave a Comment