දේශීය

කොරෝනා ආසාදිතයන් ගෙනගිය බස් රථය කැබ් රථයක ගැටී දෙදනෙක් මරුට හතකට තුවාල

(UTV | කොළඹ) –  පොලොන්නරුව, මඩකළපුව ප‍්‍රධාන මාර්ගයේ මනම්පිටිය, මහවැව 100 වෙනි සැතපුම් කණුවට ආසන්න ප‍්‍රදේශයේදී උදේ 6.30ට පමණ ශ‍්‍රී ලංකා යුද හමුදාවට අයත් පෞද්ගලික බස් රථයක් සහ පෞද්ගලික කැබ් රථයක් මුහුණට මුහුණලා එකිනෙක ගැටීම නිසා සිදුවූ අනතුරකින් කැබ් රථයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනකු මරුමුවට පත්වී තවත් 7 දෙනකු තුවාල ලබා ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි.

එම අනතුරින් මියගොස් ඇත්තේ වැලිකන්ද, බෝඅත්ත, අංක 62 ලිපිනයේ පදිංචිව සිටි කේ. පී. චන්ද්‍රිකා නිල්මිණි (43) සහ වැලිකන්ද, අසේලපුර, අංක 339 ලිපිනයේ පදිංචිව සිටි ආර්. එස්. ඞී. උදයංගනී (41) යන දෙදෙනාය.

අනතුරට ලක්වූ කැබ් රථය වැලිකන්ද සිට පොලොන්නරුව දෙසට ගමන් ගනිමින් සිටියදී මෙසේ අනතුරට ලක්වී තිබෙන අතර ඒ අනතුරින් මියගොස් සිටින කාන්තාවන් දෙදෙනා පොලොන්නරුව මහ රෝහලේ සනීපාරක්‍ෂක සේවාවන් සිදුකරන ආයතනයක සේවය කරන දෙදෙනකු බවද අනාවරණයවී තිබේ. ඔවුන් උදෑසන සේවා මුරය සඳහා එම කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී අනතුරට ලක්වී තිබෙන බවද පොලිසිය සඳහන් කළේය.

කැබ් රථයේ රියැදුරා ඇතුළු තුවාලකරුවන් සියලූමදෙනා ප‍්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.

Related posts

පියාගේ-බාප්පාගේ වැරදිවලට පොලිස් පුතා රැකියාවෙන් දොට්ට

Mohamed Dilsad

දයාසිරි ජයසේකරගෙන් කතානායකට ලිපියක්

Editor O

කැලණි සරසවි කුලපති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ අපවත්වෙති

Mohamed Dilsad

Leave a Comment