Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් සභා මැතිවරණය තියනවානම් පච ආණ්ඩුවේ තත්ත්වය රටට එලිදරව්වේවි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ජනාධිපතිවරණයට වසරක් ගතවී ඇති පසුබිමක ජනතාවගේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවත්, වත්මන් ආණ්ඩුව මැතිවරණ සමයේ ජනතාවට දුන් පොරොන්දු කිසිවක් ඉටු කර නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ විපක්ෂ නායක ජංගම සේවය යටතේ කලාවැව, ගල්නෑව ප්‍රදේශයේ ජනතා ගැටලු සොයා බැලීමට ගිය අවස්ථාවේදී අදහස් දක්වමිනි .

කිසිදු සැලසුමකින් තොරව කටයුතු කිරීම නිසා රටේ ජනගහනයෙන් 50%ක් පමණ දුප්පතුන් බවට පත්ව ඇති බවත්, එහි වගකීම රජය බාරගත යුතු බවත් පැවසූ විපක්ෂනායකවරයා මෙම “පච ආණ්ඩුවට” ජනතාව නිසි පිළිතුරක් දෙනු ඇති බැවින් දැන් හෝ පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසද රජයෙන් ඉල්ලා සිටියේය.

ආණ්ඩුව IMF පදයට නටමින් විදුලි බිල වැඩි කිරීමට සූදානම් වන බවත්, 33%කින් අඩු කරනවා යැයි දුන් පොරොන්දුවට පිටුපා ඇති බවත් පෙන්වා දුන්නේය.

මේ හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් 23,000කගේ රැකියා අවදානමට ලක්ව ඇති බවද ඔහු සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා පෙන්වා දුන් පරිදි, ගොවියාට පොරොන්දු වූ රුපියල් 120 සහතික මිල අද නොමැත. තෙත් වී රුපියල් 85, 90, 95ට අලෙවි වන අතර, වියළි වී සඳහා රුපියල් 105ක මිලක් ලැබෙන බවද ඔහු පැවසීය. මැතිවරණ සමයේ රුපියල් 150ක සහතික මිලක් පොරොන්දු වූ ගොවිජන සම්මේලනයේ නායකයන් අද නිහඬව සිටින බවද ඒ මහතා චෝදනා කළේය.

මීට අමතරව, ගුණාත්මක බීජ, පොහොර සහනාධාර නොමැති වීම, වගා උපකරණ කුලී ඉහළ යෑම සහ අලි-මිනිස් ගැටුම් වැනි ගැටලු රැසක් ගොවියා මුහුණ දෙන බවද ඔහු පැවසීය. වගා හානි සහ ජීවිත හානි සඳහා නිසි වන්දි හෝ රක්ෂණයක් නොමැති අතර, අලි ප්‍රහාරවලින් මිය යන අය සඳහා ලබා දෙන රුපියල් ලක්ෂ 10ක වන්දිය ප්‍රමාණවත් නොවන බවද ඔහු පෙන්වා දුන්නේය.

පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” යන සටන් පාඨය යටතේ බලයට ආ මෙම රජය IMF කොන්දේසි මත කටයුතු කරමින් ජනතාවගේ බර වැඩි කරමින් සිටින බව විපක්ෂ නායකවරයා පැවසීය. රාජ්‍ය සේවකයන්ට තම අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බැස අරගල කිරීමට සිදුවී ඇති බවත්, මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් ඔහු සඳහන් කළේය.

Related posts

Powerful Earthquake Strikes Indonesia

Mohamed Dilsad

Lankan Consul General says, “Gaining more market access is focus area for Sri Lanka”

Mohamed Dilsad

Sri Lanka vs England 1st Test Day 1: England won toss, opt to bat

Mohamed Dilsad

Leave a Comment