Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂයට බලය හිමි පළාත් පාලන ආයතනවල සේවක වැටුප් ගෙවීමට රජයෙන් මුදල් නොදෙන ලකුණුු..???.

විපක්ෂයට බලය හිමි අඩු ආදායම් ලබන පළාත් පාලන ආයතන ගණනාවක් සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත්තේ, රජය විසින් සේවක වැටුපෙන් සියයට විස්සක ප්‍රතිපූරණයක් ලබා නොදෙන බව දැනුම් දී තිබීමයි.

නගර සභාවල සේවය කරන රජයේ සේවකයන්ගේ වැටුපෙන් සියයට හැටක් (60%) රජය විසින් සපයනු ලබන අතර, ඉතිරි සියයට හතළිහ (40%) අදාළ සභාවේ ආදායමෙන් ගෙවිය යුතුව ඇත.

ප්‍රාදේශීය සභාවල සේවය කරන රජයේ සේවකයන්ගේ වැටුපෙන් සියයට අසූවක් (80%) රජය මගින් ලබා දෙන අතර, ඉතිරි සියයට විස්ස (20%) සභාවේ ආදායමෙන් සේවක වැටුපට එකතු කළ යුතුය.

මෙම ගැටලුව විපක්ෂයට බලය හිමි නගර සභා කෙරෙහි එතරම් බලපා නොමැති අතර, ආදායම් අඩු දුර බැහැර පිහිටි ප්‍රාදේශීය සභා කිහිපයක් මෙයින් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත.

සමගි ජනබලවේගයේ සංවිධායක, ජාතික තිස්ස අත්තනායක මහතාගේ ප්‍රකාශයන්ට අනුව, විපක්ෂයට බලය හිමි අඩු ආදායම් ලබන සභාවලින් දළ වශයෙන් සියයට විසිපහකට (25%) පමණ මෙම ගැටලුව බලපා ඇත.

මෙතෙක් සෑම රජයක්ම වැටුප් ගෙවීම සඳහා මෙම මුදල් ප්‍රතිපූරණය කර ඇති නමුත්, මේ වන විට එම මුදල් ලැබී නොමැති බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

විශේෂයෙන්ම, ලග්ගල, පල්ලේපොළ, සහ අඹන් ගඟ කෝරළයේ සභා දෙකට මෙම ගැටලුව දැඩි ලෙස බලපා ඇති බව අත්තනායක මහතා පවසා ඇත

Related posts

පකිස්ථානයේ 75 වන නිදහස් දිනය ශ්‍රී ලංකාවේදී සමරනු ලබයි

Mohamed Dilsad

Railway operations on Coastal Line restricted

Mohamed Dilsad

தொழிற்சங்க நடவடிக்கையால் தேங்கியுள்ள கொள்கலன் பரிசோதனைகள் 3 நாட்களுக்குள் நிறைவு

Mohamed Dilsad

Leave a Comment