Trending Newsඑසැන පුවත්දේශීය

අරුණ ජයසේකර ට සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ගෙන් චෝදනාවක්…?

රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා වහා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුව ඇතැයි කාදිනල් මැල්කම් රංජිත් හිමියන්ගේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමින් උන්වහන්සේ පෙන්වා දී ඇත්තේ ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී සිය නිර්දෝෂී භාවය ඔප්පු කර යුතු බවයි.

පාස්කු ප්‍රහාරය එල්ලවන කාල සීමාවේ මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා නැගෙනහිර ආඥාපතිවරයා ලෙස සේවය කර ඇති බවත්, ඔහු එම තනතුරට පත්කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් රටේ බලය ඇල්ලීමට උත්සාහ කළ අවස්ථාවේ බවත් පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළිවිය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් මහතා චෝදනා කලේ පාස්කු ප්‍රහාරයට වළක්වා නොගැනීම සහ එයට අදාළ සාක්ෂි විනාශ කිරීම පිටුපස යුධ හමුදා නිලධාරීන් පිරිසක් සිටි බවට මේ වන විට හෙළිව ඇති පසුබිමක එවකට නැගෙනහිර ආඥාපතිවරයා ලෙස කටයුතු කළ මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එම වගකීමෙන් ගැලවිය නොහැකි බවයි.

Related posts

පොලිතීන් ලන්ච් ෂීට් දඩය රුපියල් 100,000 දක්වා වැඩිවේ

Mohamed Dilsad

Hit and run accident kills mother of two

Mohamed Dilsad

අනුර දිසානායක ජනාධිපතිවීමෙන් පසු රුපියල් මිලියන 347,500ක ණය අරන්

Editor O

Leave a Comment