දේශීය

පොලිතීන් ලන්ච් ෂීට් දඩය රුපියල් 100,000 දක්වා වැඩිවේ

(UTV | කොළඹ) – අගෝස්තු 01 දා සිට දිරාපත් නොවන ලන්ච්ෂීට් නිපදවීම, බෙදා හැරීම හා අලෙවිය තහනම් කිරීමට අදාළව පරිසර අමාත්‍යාංශය විසින් තීරණ කිහිපයක් ගෙන තිබෙනවා.

දැනට රුපියල් 10,000 ක් ලෙෂ පවතින පොලිතීන් ලන්ච්ෂීට් නිෂ්පාදනය, බෙදාහැරීම හා අලෙවි දඩය රුපියල් 100,000 දක්වා ඉහළ දැමීම / පොලිතීන් ලන්ච්ෂීට් නිෂ්පාදන සමාගම්වලට මාසයක සහන කාලයක් ලබා දීම සහ ජෛවහායනික ලන්ච්ෂීට් නිෂ්පාදනය සඳහා ඉදිරිපත් වන නව සමාගම්වලට ඒ සඳහා ඉඩ ලබා දීම ඒ අතර වනවා.

මෙහිදී තවත් තීරණ කිහිපයකට එළැඹියේය.

– පොලිතීන් ලන්ච්ෂීට් නිෂ්පාදනය, බෙදාහැරීම හා අලෙවි දඩය රුපියල් 100,000 දක්වා ඉහළ දැමීම. (දැනට තිබෙන දඩය රුපියල් 10,000යි)

– පොලිතීන් ලන්ච්ෂීට් නිෂ්පාදන සමාගම්වලට මාසයක සහන කාලයක් ලබා දීම

– ජෛවහායනික ලන්ච්ෂීට් නිෂ්පාදනය සඳහා ඉදිරිපත් වන නව සමාගම්වලට ඒ සඳහා ඉඩ ලබා දීම

– පොලිතීන් ලන්ච්ෂීට් නිෂ්පාදනය මුළුමනින්ම අකර්මණය කිරීම

– ජෛව හායනික ලන්ච්ෂීට් නිෂ්පාදනයේ දී වෙනත් ව්‍යාජ කර්මාන්තකරුවන් එම කටයුතු සිදු කිරීම වැළැක්වීමට සඳහා අදාල නිෂ්පාදන සමාගම හඳුනාගැනීමට කිසියම් කේතයක් හඳුන්වා දීම හා ( CODE) ඒ ඒ සමාගම් මගින් නිකුත් කරන සෑම ලන්ච්ෂීට් එකකම එම කේතය මුද්‍රණය කිරීම. ඒ සඳහා සෞඛ්‍යමය වශයෙන් හිතකර තීන්ත භාවිතා කිරීම.

– මධ්‍යම පරිසර අධිකාරිය, පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය හා වෙනත් ආයතන යොදාගනිමින් මෙම සමාගම් මෙන්ම වෙළෙඳපොළ නියාමණය අඛණ්ඩව සිදු කිරීම හා අවශ්‍ය නම් වැටලීම්වල දී පොලිසියේ සහාය ලබා ගැනීම.

– දැනට මේ සම්බන්ධව පවතින පරිසර පනත ඇතුළු අණපනත් මගින් යෝජනා කර ඇති දඩමුදල් හා දඩුවම් වැඩිකරමින් සංශෝධනය කිරීම

Related posts

ලබන 27 දක්වා රාජකාරී සිදුවිය යුතු ආකාරය පිළිබඳ විශේෂ චක්‍රලේඛයක්

Mohamed Dilsad

කුකුලු මස් සහ බිත්තර මිල තවත් ඉහළ යන ලකුණු

Mohamed Dilsad

යුද්ධ හමුදාධිපති සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment