Trending Newsඑසැන පුවත්දේශීය

තොරතුරු දැනගැනීමේ කොමිෂම ට සභාපතිවරයෙක් පත් කරන්න – නීතීඥ සංගමයෙන් කථානායකට ලිපියක්

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාවේ සභාපති ධුරයේ පුරප්පාඩුව කඩිනමින් පුරවන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන කථානායකවරයාට සිහිකැඳවීමක් කර ඇත.

නීතිඥ සංගමය විසින් ලිපියක් යොමු කරමින් එම ඉල්ලීම කර ඇත. කොමිෂමේ සභාපති තනතුර සැලකිය යුතු කාලයක් තිස්සේ පුරප්පාඩුව පැවතීම හේතුවෙන් කොමිෂන් සභාවේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි.

ඒ අනුව කොමිෂන් සභාව සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය අවසන් සාමාජිකයා නම් කරන ලෙස නීතීඥ සංගමය කථානායකවරයාගෙන් ඉල්ලා ඇත.

නීතිඥ සංගමය සිය ලිපියේ සඳහන් කරන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මහජන විශ්වාසය පිළිබඳව සැලකිලිමත් වී, පුරප්පාඩුව පිරවීම සඳහා සුදුසු සහ පුළුල් ලෙස පිළිගත හැකි නිර්දේශයක් ඉදිරිපත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න 2025 මාර්තු 09 දින සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මෙම සභාපති තනතුර පුරප්පාඩුව පවතී. 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතට අනුව, මහජනතාවගේ තොරතුරු ලබාගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීමට සහ කොමිෂන් සභාවේ ඵලදායී ක්‍රියාකාරිත්වය සඳහා සභාපතිවරයාගේ භූමිකාව ඉතා තීරණාත්මක වෙයි.

“සභාපතිවරයකු නොමැති වීම, කොමිෂන් සභාවේ කාර්යක්ෂම ක්‍රියාකාරිත්වයට සහ එහි රාජකාරි ඉටු කිරීමට බාධාවක්” බව නීතීඥ සංගමය කතානායක වෙත යොමුකළ ලිපියේ සඳහන් කර තිබේ.

එමෙන්ම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාවක් සහතික කිරීමේ ජාතික වැදගත්කම ද නීතිඥ සංගමය අවධාරණය කර ඇත.

මෙම ලිපියට නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ගල්හේන ගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමුකර ඇත.

Related posts

පීසීආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා උපරිම ගාස්තුවක්

Mohamed Dilsad

சில இடங்களில் 75 மி.மீ அளவான பலத்த மழைவீழ்ச்சி

Mohamed Dilsad

Recent fiscal policy reforms improve Sri Lanka’s economic outlook – World Bank

Mohamed Dilsad

Leave a Comment