Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ලුණු හිඟවුණේ ඇයි…? – රයිගම් සමාගමෙන් පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකාවේ ලුණු ගැටළුව, රජය හෝ කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ආයතනයක් හෝ පුද්ගලයකු විසින් ඇති කළ තත්වයක් නොව ලුණු නිෂ්පාදන කලාපවල වසර කිහිපයක් තිස්සේ අඛණ්ඩව වර්ෂාව පතිත වීම නිසා, ස්වභාවිකව ඇති වූ තත්ත්වයක් බව රයිගම් වයඹ සෝල්ටන්ස් සමාගම සඳහන් කරයි.


කොළඹ පදනම් ආයතනයේ දී අද (30) පැවති මාධ්‍ය හමුවකදී එම කරුණු අනාවරණය කෙරිණ. මෙරට ක්‍රියාත්මක රයිගම් වයඹ සෝල්ටන්ස් සමාගම විසින් එම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණ,


රටේ පවතින ලුණු හිගයට අදාළව පැවති මාධ්‍ය සාකච්ඡාවෙන් පසු, රයිගම් වයඹ සෝල්ටන්ස් හා එහි පාලිත සමාගම වන සදර්න් සෝල්ටන් සමාගම විසින් මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
උපුටා ගැනීම.
රයිගම් වයඹ සෝල්ටන්ස් හා එහි පාලිත සමාගම වන සදර්න් සෝල්ටන් සමාගම සතුව පුත්තලම හා හම්බන්තොට දිස්ත්‍රික්වල පිහිටි ලුණු ලේවා සහ ලුණු පිරිපහදු මේස ලුණු සහ කැට ලුණු නිෂ්පාදනාගාර ක්‍රියාත්මක වේ. මීට අමතරව රයිගම් සමූහයට අයත් ඊස්ටන් සෝල්ට් සමාගමේ ලුණ ලේවාය හා පිරිපහදුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රදේශයේ ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකාවේ පිහිටි එකම රික්ත වියලන ලද ලුණු යන්ත්‍රාගාරය මෙම සමාගම් ජාලය සතු වේග පුත්තලම් සෝල්ට් ලිමිටඩ් මෙම සමාගම් ජාලයේ ආශ්‍රිත සමාගමකි. ශ්‍රී ලංකාවේ ලුණු කර්මාන්තයේ විශාල ආයෝජනයක් යොදවා, කර්මාන්තය දියුණූ කර ශ්‍රී ලංකාව ලුණු අවශ්‍යතාවයෙන් ස්වයංපෝෂිත කිරීමේ පුරෝගාමී මෙහෙවර ඉටු කළේ රයිගම් වයඹ ලුණු සමාගමකි.
පසුගිය වර්ෂ 2-3 තුළ මෙම තත්ත්වය වර්ධනය වූ අතර, 2024 වන විට දිවයිනේ සියලු ආරක්ෂිත, තොග අවසන් විය. 2024 මහ කන්නය (ජූලි-ඔක්තොම්බර්) තුළ සමාන්‍යයෙන්වා වාර්ෂික අස්වැන්නෙන් 70% ක් ලබා ගන්නා අතර, එය සම්පූර්ණයෙන් අසාර්ථක විය. ඒ සමගම 2025 යල කන්නයද පෙබරවාරි- අප්‍රේල් අසාර්ථක විය.
මෙම තත්ත්වය කල්තියා ඇස්තමේන්තු කළ සමාගම්, ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය හා එක්ව 2024 ඔක්තෝබර් මාසයේදී වෙළඳ අමාත්‍යංශය සහ කර්මාන්ත අමාත්‍යංශය දැනුවත් කරන ලදී. මේ සඳහා පියවර ගැනීම නව ආණ්ඩුව පත්වන තෙක් ප්‍රමාද විය. ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය විසින් අඛණ්ඩව රජය දැනුවත් කරමින් දැරූ ප්‍රයත්නයන් හමුවේ 2025 අප්‍රේල් සිංහල අවුරුද්ද දක්වා කාලය සඳහා ගැටලුව කළමනාකරණය කර ගැනීමට හැකිවී ඇත.
2025 මාර්තු 17 දින ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය විසින් ඉදිරි අර්බුදය දැක, කර්මාන්ත ලුණු මෙ.ටො 60,000 ආනයනය කිරිමේ අවශ්‍යතාවය රජයට පෙන්වා දෙන ලදි. මෙම ඉල්ලීම රජය විසින්. පිළිගත්තත් මාර්තු අග සතියේ පැවති කැබිනට් රැස්වීමේදී මෙම වගකීම පවරන ලද්දේ රජයට. අයත් සමාගම් වෙතය. ඒ අනුව, ලංකා සෝල්ට් ලිමිටඩ් මෙ.ටොන් 10,000 හා නැෂනල් සෝල්ට් ලිමිටඩ් මෙ.ටොන් ටොන් 20,000 ආයතනවලටය. තවද කරවල නිෂ්පාදකයන් සඳහා මෙ.ටොන් 10,000 ආනයනය සඳහා අවසර දෙන ලදී.


2025 මැයි මස 12 දිනට යෙදී තිබූ වෙසක් දිනය වන විට මෙම ලුණු තොග දිවයිනට ලගා නොවීමත්, වෙසක් උත්සව සමය සඳහා ලුණු ඉල්ලුම අධික වීමත් සමග මෙම ගැටලුව අර්බුදයක් බවට පත්විය.


මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ 2025 මැයි මස 15 වැනි දින පැවති කැබිනට් රැස්වීමේදී එතෙක්, පැවති ලුණු ආනයන බලපත්‍ර ක්‍රමය 2025 ජුනි මස 10 දක්වා ඉවත් කිරීමටත්, සෞඛ්‍ය අමා්‍යංශයේ ලියාපදිංචියට යටත්ව ඕනෑම තැනැත්තෙකුට කර්මාන්ත ලුණු මෙන්ම අයඩනීකරණය කරන ලද ලුණු ආනයනය සඳහා අවසර ලබා දෙන ලදි.


කෙසේ වෙතත් මීට අදාළ අංක 2437/04 දරන ගැසට් පත්‍රය මුදල් අමාත්‍යාංශයෙන් ජනාධිපතිගේ අත්සන යටතේ නිුකුත් කරන ලද්දේ 2025 මැයි මස 19 වන දිනදීය. (මේ අනුව ලුණු ආනයනය සඳහා විවෘත වූ කාලය දින 22 කි.)
මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ලුණු නිෂ්පාදකයන්, වෙළෙන්දන්, ආනයනකරුවන් ඇතුලු විවිධ පාර්ශ්වයන් කළ ඉල්ලීම් අනුව මෙ.ටොන් 350,000 කට අධික ප්‍රමාණයක් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන අංශය විසින් බලපත්‍ර නිකුත් කරන ලදි.
ගැටලුව වූයේ ආනයනය සඳහා ලැබුණු සීමිත කාලයයි. ගැසට් නිවේදනය අනුව සියලු නැව්ගත කිරීම් 2025 ජුනි මස 10 දින අවසන් කළ යුතු විය. 2025.06.10 දින හෝ ඊට පෙර නැව් ගත කර භාණ්ඩ නැව් ගත කළ නෞභාර පත්‍රයක් ලබා ගත යුතු විය.


එකවර විශාල පිරිසක් භාණ්ඩ නැව්ගත කිරීමට උත්සහා දැරීමත්, ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත නාවික යාත්‍රා ප්‍රමාණය සීමා සහිත වීම නිසාත්, බහුල ලෙස ලුණු නැව්ගත කළ ඉන්දියාවේ මුන්ද්‍ර වරායේ විශාල තදබදයක් නිර්මාණය විය. කෙසේ වෙතත්, මෙ.ටොන් 80,000 ඵම පමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලදුව නිෂ්කාෂණය කර ඇතැයි සැලකේ. අවසාන දින කීපයේ නෞකාවට භාණ්ඩ පැටවූ ඇතැම් ආයතනකරුවන්ට 2025.06.10 දිනට පෙර නැව්ගත කර අදාළ නෞභාරපත් ලබා ගැනීමට නොහැකි වී ඇත. එම බහාලුම් මෙතෙක් රේගුව විසින් නිකුත් කර නැත.


එම බහාලුම් රයිගම් සමාගමේ වාසිය සඳහා හිර කර ගෙන සිටින බවට මාධ්‍ය හමුවකදී, දේශපාලනඥකු විසින් නැගූ අභූත චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරමු. එසේ කිරීමට අප සමාගමට හැකියාවක් හෝ අවශ්‍යතාවයක් නොමැත. අප ඉතා ඕනෑකමින් රජයෙන් ඉල්ලා සිටින්නේ, එසේ රඳවාගෙන සිටින බහාලුම් සුදුසු ක්‍රමවේදයක් යටතේ හැකි ඉක්මනින් නිදහස් කර දෙන ලෙසය.


ලුණු මිල පිළිබඳ චෝදනාව
රයිගම් සමාගම විසින් වෙළඳපොලේ ලුණු හිඟයක් මවා, මිල වැඩි කරමින් අධික ලාභයක් ලැබීමට කටයුතු කළ බවට සිදුකරන සාවද්‍ය ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරමු. රයිගම් සමාගම සතුව පැවති සීමිත කර්මාන්ත ලුණු ප්‍රමාණය හා ආනයනය කරන ලද කර්මාන්ත ලුණු පෙරසැරි නොකර වහාම විකුණා දැම්මේ නම් අතිවිශාල ක්ෂණික ලාභයක් ලැබිය හැකිව තිබුණි. සමහර ව්‍යාපාරිකයන් කළේ එයයි. අප වගකිවයුතු සමාගමක් ලෙස සිදු කළේ පැවති සීමිත තොගය මේස ලුණු බවට පත් කර සලාක. ක්‍රමයට මුළු දිවයිනම ආවරණය වන පරිදි සාධාරණ පදනමකට බෙදා හැරීමයි. ගැටළුව උග්‍ර වන අවස්ථාවේ වෙළඳපොළේ පැවතියේද රයිගම් ඉසි ලුණු පමණි. අප එසේ කටයුතු නොකරන්නට වෙළඳපොලේ ඉතා අභාග්‍යසම්පන්න තත්වයක් ඇති වීමට ඉඩ තිබුණි. කෙසේ වෙතත් මෙම කාල සිමාවේදී පුත්තලම ප්‍රදේශයේ කර්මාන්ත ලුණු කිලෝවක් එකල රු.250/- ක් රු.300/- ක් දක්වා වැඩි වී තිබුණි. ආනයනය කළ කර්මාන්ත ලුණු සඳහා අපගේ නොවන වැරදි සඳහා විශාල දඩ මුදලක් ගෙවීමට සිදු විය. මේ තත්වය යටතේ නිෂ්පාදන වියදම් වැඩි වීම මත මිල ඉහළ යාම ස්වාභාවික වන අතර, තත්වය පාලනය වූ වහාම ස්වෙච්ඡාවෙන්ම මිල ගණන් අඩු කර ඇත.


දේශපාලන ඈදා ගැනීම, රයිගම් සමූහ සමාගම කිසිදු අකාරයකින් දේශපාලන කටයුතු සමඟ සම්බන්ධ නොවන අතර, මුදලින් හෝ වෙනත් කිසිඳු අකාරයකින් කිසිඳු දේශපාලන ව්‍යාපාරයකට ආධාර අනුබල ලබා දී නැත. කිසිදු දේශපාලන අනන්‍යතාවයක් ප්‍රදර්ශනය කර නැත. එය ගනුදෙනු කරන්නේ ශ්‍රී ලංකාවේ සමස්ථ
පාරිභෝගික ජනතාව සමඟ වන අතර, එම සම්බන්ධතාවය පළුදු වන ආකාරයේ කිසිඳු කටයුත්තක. යෙදී නැත. එසේ තිබියදී සමහර දේශපාලනඥයන් පාර්ලිමේන්තුව තුලදී, කමිටු රැස්වීම් වලදී හා මාධ්‍ය
හමුවලදී රයිගම් සමාගම සහ එහි සභාපතිවරයා රජයට පක්ෂපාතීව කටයුතු කර වරප්‍රසාද ලබන බවට සිදු කරන ලද සියලුම ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරමු.


පුත්තලම ලුණු සමාගම ජාතික ලුණු සංස්ථාවට අයත්ව තිබූ පුත්තලම ලුණු ලේවාය, පුත්තලම සෝල්ට් ලිමිටඩ් නමින් ජනතා යටතේ සමාගමක් ලෙස ස්ථාපිත කරන ලද්දේ මීට දශක 03 කට පමණ පෙර වන අතර, 1997 වර්ෂයේදී (චන්දාිකා බණ්ඩාරණායක මැතිණියගේ පාලන සමයේ) ආයතනය යටතේ එය පෞද්ගලීකරණය කරන ලදී.
එම අවස්ථාවේදී රජය සතුව තිබූ සමාගමේ කොටස්, මහජන බැංකුව, සමූපකාර ග්‍රාමීය බැංකු සංගම් කීපයක් හා පෞද්ගලික සමාගමක් වූ පෑන් සෙරන්ඩිබ් සමාගම වෙත විකුණණ ලදී. මේ අවස්ථාවේදී සකස් කරන ලද සාංගමික ව්‍යවස්ථාවලියේ එක් එක් කොටස් හිමි ආයතනයට හිමි අධ්‍යක්ෂධූර පිළිබඳ හිමිකාරීත්වය සඳහන් කර තිබේ. මීට වසර 17 කට පෙර රයිගම් සමාගම විසින් මහජන බැංකුවේ කොටස් හිමිකාරත්වය ටෙන්ඩර් ක්‍රියාවලියක් මගින් මිලදී ගත් අතර, ඒ අනුව එම කොටස් කාණ්ඩයට අයත් අධ්‍යක්ෂ ධූරය රයිගම් සමාගම ට හිමි වූ අතර, ඒ අනුව රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති අචාර්ය රවී ලියනගේ පුත්තලම ලුණු සමාගමේ අධ්‍යක්ෂ ධූරයට නම් කරන ලදි. ඒ අනුව, එම පත් කිරිම අද ඊයේ සිදු වූවක් නොව මීට වසර 17 කට පෙර, කොටස් හිමිකාරත්වය මත සිදු කළ පත් කිරිමකි. ඊට වසර 03 කට පසුව රයිගම් සමාගම විසින් තවත් කොටස්හි මිකාරත්වයක් මිලදී ගත් අතර, ඒ අනුව තවත් අධ්‍යක්ෂ ධූරයක් හිමි විය.
පුත්තලම ලුණු සමාගම පෞද්ගලික සමාගමක් වන අතර, අධ්‍යක්ෂවරුන් පත් කිරීමට කිසිදු දේශපාලන අධිකාරීයකට බලයක් නැත.


රයිගම් සමූහ සමාගමේ අධ්‍යක්ෂවරුන් එම සමාගමට පත් වූ දින සිට එම සමාගමේ කටයුතු සඳහා නවතම වාණිජ මුහුණුවරක් ලබාදෙමින්, එහි උන්නතිය සඳහා කටයුතු කර ඇති අතර, පාඩු ලබමින් පැවති එම සමාගම ලාභ ලබන තත්වයට පත් කර, කොටස් හිමියන් වෙත සැලකිය යුතු ලාභාංශ හා රජයට අති විශාල බදු මුදලක් හිමි කර දීමට කටයුතු කර ඇත.


මේ තත්වය යටතේ වර්තමාන රජය විසින් ආචාර්ය රවී ලියනගේ මහතා පුත්තලම ලුණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර ඇති බවට සිදු කරන මඩ ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරමු.


මෑතකදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී එක්තරා දේශපාලනඥයෙක් සඳහන් කළේ අප රජයේ පාලන මිල ඉක්මවා මිල ලකුණු කර ඇති බවයි. මෙය ඉතා බරපතල සාවද්‍ය ප්‍රකාශයකි. දැනට රජය විසින් කිසිදු උපරීම මිලක් ලුණු සඳහා පනවා නැත.


ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය අවස්ථා දෙකකදී පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව සමඟ මිල
පාලනය සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර, එහිදී අප සමාජිකයන් ස්වෙච්ඡාවෙන්ම පහත උපරීම මිල ගණන් තීරණය කළ අතර එය 2025.06.26 දින මාධ්‍ය වෙත යොමු කරන ලදී.
ලුණු කුඩු ලුණු කැට
කිලෝවක් රු. 240 180
ග්‍රෑම් 400ට රු. 120 –
මෙම මිල ගණන් අදාල වූයේ ඉන්දියාවෙන් ආනයනය කර ඇසුරුම්කරණ ලද ලුණු සඳහා පමණි. මේ පිළිබඳ මාධ්‍ය වාර්තා නිකුත් කිරිමෙන් පසුව පාලන මිලක් පනවා ඇති බවට ව්‍යාපාරික හා පාරිභෝගික ප්‍රජාව වැරදි අවබෝධයක් ඇතිකරගැනීම වැළැක්වීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය විසින් 2025.06.29 වන දින විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයේ පාලන මිලක් තීරණය කර නොමැති බවට තහවුරු කර ඇත.


ලුණු මිල ඇතුළු කරුණු ඇතුළත් එම සමාගම විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් බාගත කර ගත හැකිය.

Related posts

Railway strike action called off [UPDATE]

Mohamed Dilsad

ලිඳුල නගර සභාවේ සභාපතිවරයා ධූරයෙන් ඉවත් කරයි

Mohamed Dilsad

முன்னாள் எம்.பி. தங்கேஸ்வரி காலமானார்

Mohamed Dilsad

Leave a Comment