දේශීය

ජාතික පරිසර පනත සංශෝධනය කරයි

(UTV | කොළඹ) – වසර 20 කට අධික කාලයක් කිසිදු සංශෝධනයකට ලක් නොකරණ ලද ජාතික පරිසර පනත සංශෝධනය කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය සූදානම් වේ.   

ඒ අනුව ජාතික පරිසර පනත සංශෝධනයේ දී ඊට ශක්තිමත්ව නෛතික බලයක් ලැබෙන පරිදි අලු‍ත් වගන්ති 42 ක් ඇතුළත් කිරීමට තීරණය කර ඇත.

මේ සම්බන්ධව සාකච්ඡාවක් පසුගිය 16 වනදා පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.

මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රගතිය සමාලෝචනය සඳහාත් පැවැති මෙම සාකච්ඡාවේ දී ජාතික පරිසර පනත සංශෝධනය කිරීම පිළිබඳව අමාත්‍යවරයා නිලධාරීන්ගෙන් කරුණු විමසා ඇත.

දැනට ක්‍රියාත්මක ජාතික පරිසර පනත යටතේ පවතින බලතල පාරිසරික සුරක්ෂිතතාවය උදෙසා ප්‍රමාණවත් නොවන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පෙන්වා දී තිබේ.

 

 

Related posts

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 70,000 ඉක්මවයි

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

කොරෝනා නිසා ශ්‍රී ලාංකිකයින් 4000ක් නිවෙස්වල නිරෝධායනයේ

Mohamed Dilsad

Leave a Comment