දේශීය

කොළඹ වැඩිහිටි නිවාසවල නේවාසිකයන්ට සතියක් තුළ කොවිඩ් එන්නත

(UTV | කොළඹ) – කොළඹ මහ නගර සභා සීමාවේ ඇති වැඩිහිටි නිවාසවල සිටින වැඩිහිටියන්ට කොවිඩ් එන්නත සතියක් තුළදී ලබා දී අවසන් කරන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි පවසයි.  

ඊයේ (18) සිට විශේෂ ගිලන් රථ සේවාවක් මගින් කොළඹ මහ නගර සභා සීමාව තුළ වැඩිහිටි නිවාස 28 ක වැඩිහිටියන් 2800 කට කොවිඩ් මර්දන එන්නත ලබා දීම ආරම්භ කෙරිණි.

වැඩිහිටියන් සිටින නිවාස සඳහා ගිලන් රථවලින් අදාළ නිලධාරීන් ගොස් මෙම එන්නත ලබාදීමට කටයුතු කරන බවද ඔහු පැවැසීය.

 

Related posts

ජාතික රෝහලේ සුළු සේවකයින් තිදෙනෙකුටත් කොරෝනා බව හෙළි වෙයි

Mohamed Dilsad

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවතට

Mohamed Dilsad

පෞද්ගලීකරණය කළ පේෂකර්ම ආයතනවල සේවකයන්ට මාසික දීමනාවක්

Mohamed Dilsad

Leave a Comment