ව්‍යාපාරික

කොළඹ වරිපනම් බදු ගෙවන්නන්ට සහනයක්

(UTV | කොළඹ) – කොළඹ නගර සභාව වෙත 2021 වර්ෂය සඳහා වරිපනම් බදු ගෙවීමේදී ලබාදී තිබූ 10 % ක වට්ටම ලබාදීමේ කාලසීමාව මේ මස 31 වනදා දක්වා දීර්ඝකර තිබේ.    

ඒ අනුව, කොළඹ නගර සභාව වෙත 2021 සම්පූර්ණ වර්ෂය (කාර්තු 4ම) සඳහා 10% ක වට්ටම් සහිතව වරිපනම් බදු ගෙවිය හැකි අවසන් දිනය 2021.03.31වේ.

තවද, ඉකුත් ජනවාරි 31 වන දිනෙන් පසු 2021 සම්පූර්ණ වර්ෂය සඳහා මේ දක්වා වරිපනම් බදු ගෙවා ඇති සියලු දේපළ සඳහා 10% වට්ටම් ඇතුළත්කර ගිණුම් නිවැරදි කිරීම ඉදිරියේදී සිදුකරන බවද කොළඹ මහනගර සභාව දැනුම් දෙයි.

 

Related posts

රට කජු සහ බඩ ඉරිඟු ආනයනය කිරීම තහනම් කරයි

Mohamed Dilsad

සංචරණ සීමා නිසා දුම්රියට කෝටි 46ක පාඩුවක්

Mohamed Dilsad

කොටස් වෙළෙඳ පොළෙහි දැවැන්ත කඩා වැටීමක්

Mohamed Dilsad

Leave a Comment