ව්‍යාපාරික

කොළඹ වරිපනම් බදු ගෙවන්නන්ට සහනයක්

(UTV | කොළඹ) – කොළඹ නගර සභාව වෙත 2021 වර්ෂය සඳහා වරිපනම් බදු ගෙවීමේදී ලබාදී තිබූ 10 % ක වට්ටම ලබාදීමේ කාලසීමාව මේ මස 31 වනදා දක්වා දීර්ඝකර තිබේ.    

ඒ අනුව, කොළඹ නගර සභාව වෙත 2021 සම්පූර්ණ වර්ෂය (කාර්තු 4ම) සඳහා 10% ක වට්ටම් සහිතව වරිපනම් බදු ගෙවිය හැකි අවසන් දිනය 2021.03.31වේ.

තවද, ඉකුත් ජනවාරි 31 වන දිනෙන් පසු 2021 සම්පූර්ණ වර්ෂය සඳහා මේ දක්වා වරිපනම් බදු ගෙවා ඇති සියලු දේපළ සඳහා 10% වට්ටම් ඇතුළත්කර ගිණුම් නිවැරදි කිරීම ඉදිරියේදී සිදුකරන බවද කොළඹ මහනගර සභාව දැනුම් දෙයි.

 

Related posts

ආනයනික කිරිපිටි මිල ගණන්වල වෙනසක්

Mohamed Dilsad

රේගුවෙන් රඳවාගෙන ඇති විද්‍යුත් වාහන 506ක් කොන්දේසි සහිතව මුදාහැරේ

Editor O

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මෙහෙයුමේ අවසන් කරයි

Editor O

Leave a Comment