දේශීය

පෞද්ගලීකරණය කළ පේෂකර්ම ආයතනවල සේවකයන්ට මාසික දීමනාවක්

(UTV | කොළඹ) – වසර 40කට පෙර පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල සේවකයන් 3330 දෙනෙකු සඳහා මාසික දීමනාවක් ලබා දීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරම්භකර තිබේ.

මෙම දීමනාව ලබාදීම සංඛේතවත් කරමින් ඊයේ (12) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එහි සේවකයන් කිහිපදෙනකු වෙත චෙක්පත් ප්‍රධානය කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.

1980 හා 1982 කාලය තුළ පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල වසර 10 කට අඩු සේවා කාලයක් හිමි සේවකයන්ට ඔවුන් ජීවත්ව සිටින තාක් මෙලෙස මාසික දීමනාවක් හිමි වන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

පසුගිය වසරේ ජූලි 15 දින ගත් අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මෙම මාසික දීමනාව ගෙවීම සඳහා රුපියල් මිලියන 95 ක් මහා භාණ්ඩාගාරයෙන් පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුවට නිදහස් කර ඇති අති බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

Related posts

රාජගිරිය – බුත්ගමුව ප්‍රදේශයේ ගින්නක් [VIDEO]

Mohamed Dilsad

ජල සම්පාදනය පිලිබඳ සියලු තොරතුරු SMS පණිවිඩයකින්

Mohamed Dilsad

වන සත්ත්ව සංගණන වාර්තාව අද එළි දැක්වේ

Editor O

Leave a Comment