දේශීය

වෙසක් සැමරුම නිමිත්තෙන් මුද්දර 3 ක් [PHOTOS]

(UTV | කොළඹ) – 2020 වෙසක් සැමරුම් උත්සවය නිමිත්තෙන් නව සැමරුම් මුද්දර 3ක් සහ සිහිවටන පත්‍රිකාවක් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කිරීමට නියමිතයි.

මෙවර වෙසක් සමරුම ආරෝග්‍ය පරමා ලාභා – සන්තුට්ඨි පරමං ධනං යන තේමාව මුල් කරගනිමින් පැවැත්වීමට රජය කටයුතු යොදා ඇත.

‍මෙම සමරු මුද්දර නිකුත් කිරීම, අති පූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට(06) අරලියගහ මන්දිරයේදී සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව රුපියල් 10, රුපියල් 15 හා රුපියල් 45 යන වටිනාකම්වලින් යුත් සමරු මුද්දර මෙලෙස නිකුත් කරනු ඇත.

මෙම මුද්දර සහ සිහිවටන පත්‍රිකාව පුලස්ති එදිරිවීර සහ ඉසුරු චතුරංග යන මුද්දර නිර්මාණ ශිල්පීන් විසින් නිර්මාණය කර තිබේ.

Related posts

ආරක්ෂක හමුදා ගාලු මුවදොර විරෝධතා භූමියට

Mohamed Dilsad

කබ්රාල්ට විදෙස්ගත වීම තහනම්

Mohamed Dilsad

13 ට ඉඩක් නැහැ – පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

Mohamed Dilsad

Leave a Comment