දේශීය

කබ්රාල්ට විදෙස්ගත වීම තහනම්

(UTV | කොළඹ) – හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදෙස්ගතවීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළේ ය.

අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ලබන 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි ද නිකුත් කෙරිණ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එම නියෝගය නිකුත් කළේ, හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් පෞද්ගලික කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මහබැංකු අධිපතිවරයාව සිටියදී මහජන මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ නීතිඥ ගුණරත්න වන්නිනායක යන මහත්වරුන් ඇතුළු නීතිඥයින් පිරිසක් පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වීය.

Related posts

දුම්රිය රියදුරන් හදිසියේ ගත් තීරණය

Mohamed Dilsad

සිනමා ශාලා යළි විවෘත කරන ලෙස ඉල්ලීමක්

Mohamed Dilsad

නිරෝධායන මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරින් 22,000 ක්

Mohamed Dilsad

Leave a Comment