දේශීය

අගමැති ඇතුළු සියලු දෙනා ඉල්ලා අස්විය යුතුයි

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍යවරයා ඇතුළු සියලු දෙනා ඉල්ලා අස්වී නව අන්තර්කාලීන පාලනයකට යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.

අද (07දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගත හැකි නව පාලනයකට ගොස් අවම වශයෙන් ඩොලර් බිලියන 4ක මුදලක් සොයා ගැනීමට කටයුතු කළ යුතු බවයි.

ශ්‍රී ලංකාවේ විදෙස් විනිමය සංචිතය ශක්තිමත් කිරීමෙන් පසුව ජාත්‍යන්තර ශේණිගත කිරීම් ඉහළට නංවා ගැනීමෙන් අනතුරුව නැවතත් ජාත්‍යන්තර වෙළඳපොළට ගොස් ඩොලර් ණය ලබාගැනීමට හැකිවෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

Related posts

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමට තීරණය කරයි.

Editor O

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකා නියෝජිතයෝ ක්‍රියාකළ ආකාරය කණගාටුයි – දිලිත් ජයවීර

Editor O

යල කන්නයේ වගා හානි වන්දි අද සිට ගොවියන්ට

Mohamed Dilsad

Leave a Comment