දේශීය

අගමැති ඇතුළු සියලු දෙනා ඉල්ලා අස්විය යුතුයි

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍යවරයා ඇතුළු සියලු දෙනා ඉල්ලා අස්වී නව අන්තර්කාලීන පාලනයකට යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.

අද (07දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගත හැකි නව පාලනයකට ගොස් අවම වශයෙන් ඩොලර් බිලියන 4ක මුදලක් සොයා ගැනීමට කටයුතු කළ යුතු බවයි.

ශ්‍රී ලංකාවේ විදෙස් විනිමය සංචිතය ශක්තිමත් කිරීමෙන් පසුව ජාත්‍යන්තර ශේණිගත කිරීම් ඉහළට නංවා ගැනීමෙන් අනතුරුව නැවතත් ජාත්‍යන්තර වෙළඳපොළට ගොස් ඩොලර් ණය ලබාගැනීමට හැකිවෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

Related posts

වලංගු කාලය අවසන් රියැදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ගිනි අවියක් ක්‍රියාත්මකවී හිමි නමක අපවත් වෙති

Mohamed Dilsad

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් කොමිෂමෙන් අත්අඩංගුවට ගනී

Editor O

Leave a Comment