දේශීය

වලංගු කාලය අවසන් රියැදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ ) – ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර විසින් වලංගු කාලය අවසන් රියැදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව 2020 මාර්තු 16 වනදා සිට ජුනි 30 වනදා දක්වා කාලය තුළ වලංගු කාලය අවසන් වන සෑම රියැදුරු බලපත්‍රයකම කාලය මාස හයකින් දීර්ඝ කර ඇත.

2020 ජූලි 01 දින සිට සැප්තැම්බර් 30 දින දක්වා කාලය තුළ වලංගු කාලය අවසාන වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කර ඇත්තේ මාස තුනකිනි.

මෙලෙස වලංගු කාලය දීර්ඝ කරනුයේ අදාළ රියැදුරු බලපත්‍රය වලංගු කාලය අවසන් වීමට නියමිතව තිබූ දිනයේ සිට බවද අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

Related posts

ත්‍රී රෝද රථ රියදුරන්ට කඩිනමින් PCR කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

නිවාඩු සමයේ “ඉ- තක්සලාව”සමග සම්බන්ධවන ලෙසට පාසල් දරුවන්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

හදිසිම අවශ්‍යතා තියෙන අය විතරක් විදේශ ගමන් බලපත්‍ර ගන්න එන්න. – ඇමති විජිත

Editor O

Leave a Comment