දේශීය

ත්‍රී රෝද රථ රියදුරන්ට කඩිනමින් PCR කරන්නැයි ඉල්ලීමක්

(UTV | කොළඹ) – ජනතාව සමග වැඩි කාලයක් සබඳතා පවත්වන ත්‍රීරෝද රථ රියදුරන්ව කඩිනමින් PCR පරීක්ෂණ සඳහා යොමුකිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන්නැයි ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය බළධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

එම සංගමයේ ලේකම්, එල්. රෝහණ පෙරේරා මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන්කර සිටියේ කොවිඩ් වෛරසයට ගොඳුරු වීමෙන් ත්‍රීරෝද රියදුරන් මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන බවත් , අහඹු ලෙසවත් ත්‍රීරෝද රථ රියදුරන්ව PCR පරීක්ෂණ සඳහා යොමුකර මෙයින් මුදවා ගන්නා ලෙස රජයේ වෛද්‍ය සභාවෙන් හරි මේ හා සම්බන්ධව ඉන්න බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත්ය.

 

Related posts

තෙල් මිල ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

චීන ආරක්ෂක ඇමති සහ රජයේ ඉහළ නියෝජිතයන් අතර අද සාකච්ඡා

Mohamed Dilsad

හෙට සිට මාර්තු 11දක්වා පියවරෙන් පියවර වසා තැබෙන කොළඹ මාර්ග

Mohamed Dilsad

Leave a Comment