ක්‍රීඩා

ටෙස්ට් තරගයකදී ඉන්දීය කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කරයි

(UTV | ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාව සමග ඇඩිලේඩ් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉණිමේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 36 කට දැවී ගියේ ටෙස්ට් තරගයකදී ඉන්දීය කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින්.

ඉන්දියානු කණ්ඩායමේ අවසන් පිතිකරු ලෙස ක්‍රීඩා කරමින් සිටි මොහමඩ් සාමී, පැට් කමින්ස් ගේ පන්දුවක් ඇගේ වැදීමෙන් පිටියෙන් ඉවත්වන විට ඉන්දීය ලකුණු පුවරුව දිස් වුයේ ලකුණු 36ක් ලෙසයි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම සිය දෙවන ඉණිම අවසන් වූ අතර මේ දක්වා ඔවුන් ටෙස්ට් තරගයකදී වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස එය වාර්තා අතරට එක්විය.

මීට පෙර ඉන්දියාව ටෙස්ට් තරගයකදී වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස සැලකෙන්නේ 1974 වර්ෂයේ එංගලන්තය සමග පැවති තරගයේ දී වාර්තා කළ ලකුණු 42යි.

 

 

Related posts

ලබන වසරේ T 10 වලට යන ක්‍රිකට් ක්‍රීඩකයින් නම් කරයි

Mohamed Dilsad

මහේල ජයවර්ධනට නව සභාපති ධූරයක්

Mohamed Dilsad

ඔස්ට්‍රේලියා T20 කණ්ඩායමට අලුත් නායකයෙක්

Mohamed Dilsad

Leave a Comment