දේශීය

13 ට ඉඩක් නැහැ – පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට මහා සංඝරත්නය කිසිඳු අවස්ථාවක ඉඩ ලබා නොදෙන බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

 

ඊයේ (27) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට එක් වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

 

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ 80 වැනි ඡන්ම දිනය වෙනුවෙන් ඊයේ එම විහාරස්ථානයේදි දානමය පුන්‍ය කර්මයක් පැවැත්වුණි.

 

ඊට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්වී සිටියේය.

 

එහිදී අදහස් දැක්වූ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි,

 

“අපේ තාත්තා රට, අපේ අම්මා බුදු හාමුදුරුවෝ. ඒක හින්දා සම්බුද්ධ ශාසනය කසායක් නම් අපේ රට විතරයි එකම මුට්ටිය ඒක දරාගෙන ඉන්න. ඒක දෙකට කඩලා තුනට කඩලා 13 පූර්ණ වශයෙන් බලාත්මක කරලා ඉඩම් සහ පොලිස් බලතල දෙනවා නම් හෙටත් නැඟිටින්න ලෑස්තියි ඊට විරුද්ධව හාමුදුරුවරු. ඒක නිසා මේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව පිළිබඳ සාකච්ඡා කළොත් ඒකත් දේශපාලනය කියනවා නම් කමක් නැහැ. තාත්තා රැකගැනීම උදෙසායි ඒ සියල්ල කරන්නේ. බුදු හාමුදුරුවන්ගේ දේශනාව රකින එකම රට සම්බුද්ධ ශාසනය තියෙන මේ සම්බුද්ධ ශාසනය තියෙන එකම රට ලංකාව. ඒක කෑලි දෙකකට හෝ තුනකට හෝ කඩන්න හෝ කැඩෙන්න ඉඩ හරින්න හෝ කවුරු අත ඉස්සුවත් විරුද්ධයි විරුද්ධයිම තමයි. කැමති නැහැ කැමති නෑම තමයි. හොඳක් වෙන්නෙ නැහැ වෙන්නෙ නෑම තමයි.”

Related posts

සංශෝධිත 22 විවාදයට ගැනීම කල්යයි

Mohamed Dilsad

20 වන සංශෝධනයට අදාළ විවාදය ඔක්තෝම්බර් මස

Mohamed Dilsad

PCR පරීක්ෂණ කටයුතු පුළුල් කිරීමට පෞද්ගලික රෝහල්වල සහාය [RELEASE]

Mohamed Dilsad

Leave a Comment