දේශීය

බෑන් කී මූන් මෙරට සංචාරයකට සැරසෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා පෙබරවාරි මුල් සතියේදී මෙරට සංචාරයක නිරතවීමට සැලසුම් කර තිබේ.

 

ඒ අනුව බෑන් කී මූන් මහතා පෙබරවාරි මස 6 වනදා දිවයිනට පැමිණෙන අතර තිරසර සංවර්ධනයට අදාළව මෙන්ම දේශගුණික විපර්යාසවලට අදාළව ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිතය.

 

බෑන් කී මූන් මහතා ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතාගේ ආරාධනයකට අනුව දිවයිනට පැමිණෙන අතර පෙබරවාරි මස 7 වනදා ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කිරීමටද සැලසුම් කර තිබේ.

 

ඒ මහතා මේ වනවිට දකුණු කොරියාවේ රාජ්‍ය ආයතනයක් වන ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබයි.

 

එම ආයතනයේ ප්‍රධානියා ලෙස බෑන් කී මූන් මහතා අදාළ ගිවිසුම්වලට අත්සන් තැබීමට නියමිතය.

 

එමෙන්ම මෙරට ස්ථාපිත කිරීමට යෝජිත දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන්ද මෙම සංචාරයේදී සාකච්චා කිරීමට සැලසුම් කර තිබේ.

 

මෙම ගිවිසුම් අනුව කොරියාව සමග ඒකාබද්ධව අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වෙයි

Related posts

තවත් නාඳුනන මළ සිරුරක්

Mohamed Dilsad

ලියාපදිංචි නොවූ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ගැන තීරණයක්

Mohamed Dilsad

පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය සේවකයින් හෙට උද්ඝෝෂණයක

Mohamed Dilsad

Leave a Comment