Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඕමානයේ සැඟව සිටි පාතාල නායකයෙක් අත්අඩංගුවට

පාතාල කල්ලි නායකයකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මිදිගම චූටි නැමැත්තා ඕමානයේ සැඟව සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මිදිගම චූටි ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදන පවා නිකුත් කෙරුණු අයකු බව කියති.

නදුන් චින්තක හෙවත් හරක්කටා සහ මිදිගම රුවන් නමැති පාතාල නායකයන් සමග එක්වී කටයුතු කළේ යැයි කියන මිදිගම චූටි නැමැත්තා ඩුබායි රටේ සැඟව සිට පසු ඕමානයට පලා ගොස් සිටින්නකු බව පොලිසිය වැඩිදුරටත් කීය.

නදුන් චින්තක නමැත්තා මැඩගස්කරයේදී ද මිදිගම රුවන් නමැත්තා ඩුබායි හිදීද අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා ඉකුත්දා මෙරටට රැගෙන එනු ලැබූහ.

මෙම පාතාල නායකයන් දෙදෙනා මෙරටට රැගෙන ඒමෙන් පසු මිදිගම චූටි නැමැත්තා ඕමානයට පලා ගොස් සැඟවී මෙරට සිටින ඔහුගේ ගෝල බාලයන් යොදවා දකුණු පළාතේ මනුෂ්‍ය ඝාතන කිරීම් සහ ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවමින් සිටි බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය පවසයි.

Related posts

தேசிய பூங்காக்களுக்கு பூட்டு

Mohamed Dilsad

Manusha resigns from Ministerial portfolio [VIDEO]

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර 02 ක් හිස් වෙයි[VIDEO]

Mohamed Dilsad

Leave a Comment