පහ ශ්‍රේණිය 2024 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල්වල 2025 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ දෙවැනි වටයේ අභියාචනා ඉදිරිපත් කිරීම අද (03) සිට 17 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස උපරිම පාසල් 3ක් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතියි. g6application.moe.gov.lk දිගුව ඔස්සේ ඍජුවම අභියාචනා යොමු කිරීමේ හැකියාව ඇත.

