Trending News

වී මිලදී ගැනීම ඇරඹේ

මෙවර යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම රජය විසින් අද (03 වැනිදා) ආරම්භ කරනු ලැබීමට නියමිතය. නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120 ක්ද, සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 125 ක්ද, කීරි සම්බා වී සඳහා රුපියල් 132 ක සහතික මිලක් ගොවීන්ට ලබාදෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (02 වැනිදා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසුවේය. ඉකුත් මහ කන්නයේදී රජයට ප්‍රමාණවත් පරිදි වී තොග නොලැබුණු බවද ඇමැතිවරයා පැවසීය.

පසුගිය කන්නයේ පැවැති අධික වැස්ස නිසා අස්වැන්න අඩුවීම නිසා මෙවර කීරි සම්බා වගා කිරීමේ යම් අඩුවක් පවතින බවත්, මෙවර ලැබෙන කීරි සම්බා අස්වැන්න මත පදනම්ව ඊට ආදේශක සහල් ආනයනය කරන්නේද නැත්ද යන්න තීරණය කරන බවද ඔහු කීවේය.

කීරි සම්බා අස්වැන්නේ අඩුවක් පැවතියහොත් එම සහල් ආනයනය කිරීමට තීන්දුවක් ගෙන තිබෙන බවද ඔහු පැවසීය. මේ අතර, පසුගිය දිනවල පැවැති වැසි තත්ත්වය හේතුවෙන් උතුරු ප්‍රදේශයේ කුඹුරු ඉඩම් රැසක් පසුගිය කාලයේදී ජලයෙන් යටවිය. මෙම කුඹුරුවලින් කැපෙන තෙත වී කිලෝවක් රුපියල් 100 ක් වැනි අඩු මුදලකට පුද්ගලික වෙළෙඳුන් මිලදී ගන්නා බව උතුරේ ගොවීහු පවසති. නියමිත පරිදි අස්වැන්න කැපීමට තවත් සති දෙකක පමණ කාලයක් ගතවන බවද ඔවුහු පවසති.

-අරුණ-

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Editor O

Govt. adds Rs 50 allowance to estate workers’ wage

Mohamed Dilsad

New Jaffna Commander assumes duties

Mohamed Dilsad

Leave a Comment