Trending Newsඑසැන පුවත්දේශීය

අර්ථසාධක නොගෙවූ ආයතන අටකට නඩු

රුපියල් ලක්ෂ 173 කට අධික සේවක අර්ථසාධක අරමුදල් නොගෙවා පැහැර හරින ලද ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතන 08 කට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරන ලදී.

කොළඹ 07, වැල්ලම්පිටිය ගොතටුව, බොරැල්ල සහ අංගොඩ පිහිටි එම ආයතනවලට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුව විසින් වෙන් වෙන් වශයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

කම්කරු දෙපාර්තමේන්තුවේ මැද කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ සහකාර කම්කරු කොමසාරිස් විසින් පවරා තිබූ එම නඩු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ හමුවේ කැඳවීමට නියමිතය.

-අරුණ-

Related posts

තවත් කොවිඩ් ආසාදිතයින් 75ක්

Mohamed Dilsad

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

Mohamed Dilsad

“Army ready to restore essential services” – Commander

Mohamed Dilsad

Leave a Comment