Trending Newsඑසැන පුවත්දේශීය

අර්ථසාධක නොගෙවූ ආයතන අටකට නඩු

රුපියල් ලක්ෂ 173 කට අධික සේවක අර්ථසාධක අරමුදල් නොගෙවා පැහැර හරින ලද ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතන 08 කට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරන ලදී.

කොළඹ 07, වැල්ලම්පිටිය ගොතටුව, බොරැල්ල සහ අංගොඩ පිහිටි එම ආයතනවලට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුව විසින් වෙන් වෙන් වශයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

කම්කරු දෙපාර්තමේන්තුවේ මැද කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ සහකාර කම්කරු කොමසාරිස් විසින් පවරා තිබූ එම නඩු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ හමුවේ කැඳවීමට නියමිතය.

-අරුණ-

Related posts

சித்தியடைந்தவர்களின் வீதம் உயர்வு

Mohamed Dilsad

නව කොරෝනා රෝගීන් 22ක්

Mohamed Dilsad

සජබ මන්ත්‍රීවරුන්ගෙන් නීතිපතිට ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment