දේශීය

සජබ මන්ත්‍රීවරුන්ගෙන් නීතිපතිට ඉල්ලීමක්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරුවන් ට දඬුවම් දිය යුතු බව පවසමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් අද (30) නීතිපති දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

 

එහිදී සමගි ජන බලවේගයේ නීතිඥ මණ්ඩලය විසින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට සහ දේශපාලන අධිකාරියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කර ඇති තොරතුරුවලට අනුව අපරාධ නීතිය ක්‍රියාත්මක කරන්නැයි නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා,

 

“අපිට ලොකු ප්‍රශ්නයක් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුව හැංගුවේ කවුද කියන එක. අපිට පේනවා කවුරු හෝ හංගලා තියෙනවා. මේ හංගලා තියෙන තැනින් එළියට අරගෙන ඒ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සමග ඉන්න කණ්ඩායමට දඬුවම් දියයුතුමයි අධිකරණයෙන්. ප්‍රජාතන්ත්‍රවාදී රටක මිනිස්සුන්ගේ අයිතිවාසිකම් එක්ක අහිංසකව ජීවත් වෙච්ච, පල්ලියට ගිය අහිංසක මිනිස්සුන්ව අමු අමුවේ මරා දැම්මා. ඒ මරාදැම්ම එක අවුරුදු ගානක් ගිහින් අල්ලන්න බැරි නම් ඒ අයට බලයේ ඉන්න අයිතියක් නෑ. ඒ විතරක් නෙමෙයි මේක හංගන මිනිස්සුන්වත් මහ මොළකරුගෙන් යම් කිසි ක්‍රියාදාමයකට නතුවෙලා ඉන්න කණ්ඩායමක් ඉන්නවා නම් ඒ අයටත් අවශ්‍ය දඬුවම් දෙන්න ඕනේ. අපි නීතියේ සාධාරණත්වය ඉල්ලනවා. සමගි ජන බලවේගය හැටියට අපේ රජයක විතරක් නෙමෙයි වර්තමානයේ දැන් මේක කරන්න ඕනේ. දැන් කරන්න ඕන බලකිරීම කරන්න තමා අද මේ සුදානම. අපි මේක අතහරින්නේ නෑ.”

 

 

Related posts

පුනරුත්ථාපන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූලයි

Mohamed Dilsad

යහපාලන ආණ්ඩුවෙන් ඉදි කළ, උෂ්ණත්වය සහ තෙතමනය පාලිත කෘෂි ගබඩා සංකීර්ණය, මෝදි විවෘත කරලා.

Editor O

නීතියේ ආධිපත්‍යට ගරු කරන ලෙසට ජනපති නිදහස් සැමරුම් උළෙල අමතමින් කියයි

Mohamed Dilsad

Leave a Comment