Trending Newsඑසැන පුවත්දේශීය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට !

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු තිදෙනෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද (01) අත්අඩංගුවට ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අල්ලස් කොමිසම පවසන්නේ, ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙක් ලියාපදිංචි වූ වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයක් යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.

ටොයොටා වර්ගයේ ජීප් රථයකට අදාළ අංක තහඩුව නිකුත් කිරීමට අනුමැතිය ලබා දීම හිටපු කොමසාරිස් ජනරාල්වරයාට එරෙහිව ඇති චෝදනාවයි.

එමෙන්ම, අදාළ ජීප් රථය සම්බන්දයෙන් අනීතිකව දත්ත ඇතුළත් කිරීමට අවස්ථාව සලසාදීම සහ අදාළ දත්ත ඇතුළත් කිරීම සම්බන්ධව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ, තොරතුරු තාක්ෂණ ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම සහ ලිපිකරුවෙකු වූ ධම්මික නිරෝශන් නැමැති දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

ලොඩියා නමැති විෂ සත්ත්වයා නැගෙනහිරින් දකුණු මුහුදට

Mohamed Dilsad

Megapolis Ministry discontinues accepting garbage at Aruwakkalu

Mohamed Dilsad

Indian woman forced to marry Pakistani at gunpoint returns home

Mohamed Dilsad

Leave a Comment