දේශීය

ලොඩියා නමැති විෂ සත්ත්වයා නැගෙනහිරින් දකුණු මුහුදට

නැගෙනහිර මුහුදු තීරයේ සිටි ‘ලොඩියා’ නැමති මත්ස්‍ය විශේෂය දකුණු මුහුදු තීරය දක්වා ව්‍යාප්ත වී ඇති බව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය නිවේදනය කරයි.

 

එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන මහතා සඳහන් කළේ, මෙම ජීවියා මිනිස් සිරුරේ දැවටීම හේතුවෙන් මාරාන්තික තත්ත්වයන් ඇති විය හැකි බවය.

 

වසරේ ජූලි මස සිට සැප්තැම්බර් දක්වා මුහුදේ මෙම සත්ත්වයා දැකගත හැකි බව වෛද්‍ය රවී ජයවර්ධන සඳහන් කරයි.

 

මෙම සත්ත්වයා කුඩා බැලුනයක් ආකාරයට දිස්වන බවත් උදර ප්‍රදේශයේ දිගු නූලක් වැනි ග්‍රාහිකා පවතින බවත් වෛද්‍යවරයා සඳහන් කරයි.

 

යම් ලෙසකින් මිනිසාට මෙම සත්ත්වයා සපර්ශ වීමෙන් ආසාත්මිකතාවක සිට කම්පන තත්ත්වයක් කරා යා හැකි අතර, ඒ හරහා ස්නායු පද්ධතිය, හෘදය වස්තුව හා ශ්වසන පද්ධතිය බලපෑමකට ලක් විය හැකි බවත් වෛද්‍යවරයාගේ අදහසයි.

Related posts

දකුණු පළාතේ සෞඛ්‍ය සේවකයින් වර්ජනයක

Mohamed Dilsad

අද පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් – කාලසටහන නිකුත් කෙරේ

Mohamed Dilsad

වතුර කලවම් තෙල් බවුසරය ගැන වහාම විමර්ශනයක්

Mohamed Dilsad

Leave a Comment