දේශීය

දකුණු පළාතේ සෞඛ්‍ය සේවකයින් වර්ජනයක

(UTV | කොළඹ) – දකුණු පළාතේ හෙද, පරිපූරක, වෛද්‍ය, අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

රජයේ වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ, අද උදෑසන 7 සිට හෙට උදෑසන 7 ක් දක්වා වර්ජනය ක්‍රියාත්මකත බවයි.

කරාපිටිය ශික්ෂණ රෝහල, මාතර සහ හම්බන්තොට මහ රෝහල්, රේඛීය අමාත්‍යංශ පාලනය යටතේ ඇති ආයතන, දකුණු පළාතට අයත් මූලික රෝහල් 09 ක්, සියලු ප්‍රාද්ශීය රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 47 ක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, වර්ජනයට එක්ව සිටී.

රජයේ වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ අදාළ කාල සීමාව තුළ අත්‍යවශ්‍ය සහ හදිසි සේවා ක්‍රියාත්මක බවයි.

Related posts

රාජ්‍ය සේවකයින්ට වසර 05 ක නිවාඩුවක්

Mohamed Dilsad

තවත් ප්‍රදේශ කීපයක් හුදෙකලා කරයි [RELEASE]

Mohamed Dilsad

20ට එරෙහි පෙත්සම් විභාගය අද දෙවන් දිනටත්

Mohamed Dilsad

Leave a Comment