විදෙස්

කසකස්තානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

(UTV |  කසකස්තානය) – ඉහළ යන ඉන්ධන මිලට එරෙහි විරෝධතා උත්සන්න වීමත් සමඟ කසකස්තානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

කසකස්තාන් ජනාධිපති Kassym Jomart Tokayev විසින් සති දෙකක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වෙනවා.

ඉහළ යන ඉන්ධන මිලට එරෙහිව මධ්‍යම ආසියාවේ කසකස්තානයේ විශාලතම නගරය වන අල්මාටි (Almaty)හි සහ බටහිර මැන්ගිස්ටෝ පළාතේ විරෝධතා උත්සන්න විය.

විරෝධතා හේතුවෙන් රාත්‍රී 11 සිට පෙරවරු 7 දක්වා රටපුරා ඇඳිරි නීතිය පනවා ඇති අතර මිනිසුන්ට ඒකරාශී වීම තහනම් කර ඇති බව එරට මාධ්‍ය පවසයි.

Related posts

පිලිපීන ගුවන් හමුදා යානයක් අනතුරට

Mohamed Dilsad

ඇමරිකානු මැතිවරණය අවසන් අදියරේ.ජනතාවගේ දැඩි උනන්දුවක්

Mohamed Dilsad

මාර්ක් සකර්බර්ග් ගෙන් පණිවුඩයක්

Mohamed Dilsad

Leave a Comment