Trending Newsඑසැන පුවත්දේශීය

ශානිව පත් කිරීම සිදු නොවිය යුතු දෙයක්” – සාගර කාරියවසම්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ශානි අබේසේකර මහතා පත් කිරීම සිදු නොවිය යුතු දෙයක් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

ඔහු තවදුරටත් සඳහන් කළේ රටේ යහපාලනය සහ නීතියේ ආධිපත්‍ය වැනි මාතෘකා පිළිබඳව කතා කළ ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයක් ආණ්ඩු කරන කාලයකදී මෙවැනි තීරණ ගැනීම තුළින්, සිය විරුද්ධවාදීන් මැඬලීම සඳහා ඕනෑම ජඩ වැඩක්, කැත වැඩක් කිරීමට එම පක්ෂයේ පාලකයින් සූදානම් බව පෙනී යන බවයි.

“පැවති කිසිම ආණ්ඩුවක් මෙතක් නොකරපු වැරදි දෙයක් තමයි මේ කරන්න යන්නේ, සිදු නොවිය යුතු දෙයක්…මේ රටේ නිතිය ජනතා විමුක්ති පෙරමුණේ, පැලවත්ත කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡා පවත්වපු පක්ෂයේ දේශපාලන වේදිකාවේ කටයුතු කරපු ශානි අබේසේකර මහතා අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානීයා හැටියට පත් කිරීම. මෙය රටක් හැටියට ඉතාම  නරක තැනකට මේ රට ගෙනියනවා.”

Related posts

CID cop involved in controversial investigations leaves country

Mohamed Dilsad

ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන අභියාචනාධිකරණ තීන්දුව අද

Mohamed Dilsad

Afghanistan earn direct qualification in 2020 T20 World Cup

Mohamed Dilsad

Leave a Comment