Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීය

ඉරාන ජනපතිට, ඉන්දියානු අගමැති මෝදිගෙන් දුරකථන ඇමතුමක්

ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරයෙන් පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ අද (22) දුරකථයෙන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ඊශ්‍රායල-ඉරාන යුද ගැටුම් දසවන දිනට පිවිසීමත් සමඟ මැද පෙරදිග කලාපයේ ආතතීන් ඉහළ යන බව එම ඇමතුමේදී සාකච්ඡා කර ඇති බවත් එම තත්ත්වය උග්‍රවීම මැඩපැවැත්වීම සඳහා සංවාදය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය අවශ්‍ය බවද පවසා ඇති බවත් සඳහන් වේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මහතා මේ සම්බන්ධයෙන් සිය X ගිණුමේ සටහනක් තබා ඇත. එහි ඔහු සඳහන් කර ඇත්තේ,  “ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන් සමඟ කතා කළා. වත්මන් තත්ත්වය පිළිබඳව අපි විස්තරාත්මකව සාකච්ඡා කළා. මෑත කාලීනව ඇති වූ ගැටුම් පිළිබඳව දැඩි කනගාටුව  පළ කළා. කලාපීය සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉදිරි මාර්ගය ලෙස, වහාම ගැටුම් අවම කිරීම, සංවාදය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය යොමු වන ලෙසට අපගේ ඉල්ලීම යළි අවධාරණය කළෙමු.” යනුවෙනි.

මිනිත්තු 45 ක් පැවති මෙම ඇමතුමේ දී ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන් අගමැති මෝදීගේ ඉල්ලීමට ස්තූති පළකර ඇති අතර ඉන්දියාව, කලාපීය සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමේ මිතුරෙකු සහ පවුල්කරුවෙකු වන බවද පවසා ඇති බව සඳහන් වේ.

Related posts

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට පියවර

Mohamed Dilsad

தயாரிப்பாளராக காஜல் அகர்வால்?

Mohamed Dilsad

இந்தோனேசியாவில் சக்தி வாய்ந்த நில நடுக்கம்

Mohamed Dilsad

Leave a Comment