දැනට ඊශ්‍රායලයේ පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව බලා ගමන් කිරීමට අපේක්ෂිත පිරිස වෙනුවෙන් ඉන්දියන් ගුවන් සමගම මගින් ක්‍රියාත්මක කරන ජෝර්දානයේ අම්මාන් සිට ඉන්දියාවේ නවදිල්ලිය දක්වා ගුවන් යානාවල ආසන කීපයක් ලබාදීමට ඉන්දියානු රජය එකඟ වි තිබේ.
ඒ අනුව මෙම ගුවන් යානාවල ගමන් කිරීමට අපේක්ෂා කරන පිරිස තානාපති කාර්යාලයට පැමිණ ලියා පදිංචි වන මෙන් දන්වයි.
1. ටෙල්-අවිව් සිට ජෝර්දානයේ අම්මාන් නුවර දක්වා ප්‍රවහන් පහසුකම් නොමිලේ ලබා දෙනු ඇත.
2. අම්මාන් සිට නවදිල්ලිය දක්වා ගුවන් ගමන් සඳහා මුදල් අය කිරීමකින් නොමැත.
3. නවදිල්ලිය හා කොළඹ අතර ගුවන් ගමන සඳහා මුදල්ගෙවා ටිකට්පත ලබා ගත යුතුය.
අදාල ගමන්වල දී එම රටවල තානාපති කාර්යාල විසින් කටයුතු සම්බන්ධීකරණය කරනු ඇත. මේ සඳහා උනන්දුවක් දක්වන පිරිස 2025 ජුනි මස 23 හා 24 වැනි දින පමණක් ලියාපදිංචි කරන බව, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
