Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාව අම්බපාලි ගනිකාවගේ තත්ත්වයට පත්වෙලා – මනෝජ් ගමගේ

පළාත් පාලන ආයතන බලය පිහිටුවීමේදී ජාතික ජනබලවේගය ආණ්ඩුව මේ වන විට අම්බපාලී ගනිකාව මෙන් හැසිරෙමින් සිටින බව නීතිඥ මනෝජ් ගමගේ පවසයි.

එක් තැනක පිල්ලෙයාන් සමඟ නිදා ගන්නා ආණ්ඩුව තවත් තැනක තොණ්ඩමන් සමඟ නිදාගන්න බවත් හිටපු ගමන් පොහොට්ටුව සමඟ ද නිදාගන්නා බවත් ඔහු සඳහන් කරයි.

සාමාන්‍යයෙන් පළාත් පාලන ආයතන මන්ත‍්‍රීවරයකු පක්ෂයක තීරණයකට පිටින් ගොස් කටයුතු කිරීමේදී පක්ෂ සාමාජිකත්වය මෙන්ම මන්ත‍්‍රී ධුරය පවා අහිමිවෙන බව දැන ඊට පටහැනිව කටයුතු කරන්නේ ආණ්ඩු පාර්ශ්වයෙන් හොඳ මිලක් ලැබෙන නිසා බව ද මනෝජ් ගමගේ වැඩිදුරටත් සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

ඡන්දය තියන්න අභියෝගයක්! මුදල් ලේකම් අධිකරණයට කියයි

Mohamed Dilsad

Vijay Sethupathi to play cricketer Muttiah Muralitharan

Mohamed Dilsad

யாழில் பாரிய தீ விபத்து; திடிரென தீ பற்றிய வாகனங்கள்

Mohamed Dilsad

Leave a Comment