Trending Newsඑසැන පුවත්දේශීය

ලංකාවේ ඩ්‍රෝන මෙහෙයුම් ගැන තීරණයක්.!

ශ්‍රී ලංකාවේ සිඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින ඩ්‍රෝන මෙහෙයුම් ක්‍රියාවලිය තුළ නියාමන සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ප්‍රර්වධනය කිරීමේ අරමුණින්, විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පසුගිය (17) ආරක්ෂක අමාත්‍යංශයේදී පවත්වන ලදී.

එම සැසිය ආරම්භ කරමින්, ආරක්ෂක ලේකම්වරයා සහභාගිව සිටි සියලු දෙනා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, ඩ්‍රෝන මෙහෙයුම් සඳහා නිසි නියාමන ක්‍රමවේදයක් යටතේ සක්‍රීය වටපිටාවක් ඇති කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

ප්‍රමුඛ ආරක්ෂක අවශ්‍යතා සහ තාක්ෂණික දියුණුව අතර පවතින තීරණාත්මක සමතුලිතතාවය හඳුනා ගනිමින්, වාණිජ නවෝත්පාදනය සහ ජාතික සංවර්ධනය සඳහා උත්ප්‍රේරකයක් ලෙස ඩ්‍රෝන තාක්ෂණය යොදාගැනීමේ වැදගත්කම ද, ඔහු අවධාරණය කළේය.

ඉන්පසු ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් විසින් ඩ්‍රෝන යානා සහ මිනිසුන් රහිත ගුවන් යානා ක්‍රියාකාරකම් පාලනය සඳහා පවතින සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි සහ නීතිරීති පිළිබඳව විස්තරත්මකව කරුණු ඉදිරිපත් කළහ.

අනතුරුව පැවති විවෘත අදහස් දැක්වීමේ අවස්ථාවේදී, සාකච්ඡාවට සහභාගී වූ සිවිල් ඩ්‍රෝන ක්‍රියාකරුවන් කිහිප දෙනෙකු ඔවුන් මුහුණ දෙන ගැටළු හා පරිපාලන අභියෝග, විශේෂයෙන් ඩ්‍රෝන මෙහෙයුම් සඳහා අනුමැතිය ලබා ගැනීමේදී සිදුවන ඇතැම් ප්‍රමාදයන් පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කළහ.

ඊට ප්‍රතිචාර වශයෙන්, ආරක්ෂක ලේකම්වරයා ව්‍යුහාත්මක ගැටළු විසඳීම සඳහා මනාව සම්බන්ධීකරණය වූ අන්තර් නියෝජිත ප්‍රවේශයක් පිහිටුවන ලෙසට උපදෙස් ලබා දුන්නේය.

ඩ්‍රෝන ක්‍රියාකරුවන් විසින් මෙහෙයුම් සඳහා අනුමැතිය ලබා ගැනීමේදී අයදුම්පත් නිශ්චිත කාල සීමාවකට පෙර ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය ඔහු අවධාරණය කළ අතර, අදාළ ක්‍රියා පටිපාටිය තුළ නම්‍යශීලීභාවයකින් සහ කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරන ලෙස අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

තවද, කිසියම් ප්‍රදේශයක ඩ්‍රෝන මෙහෙයුම් සඳහා අවසර ලබාගැනීමේදී අදාල පොලිස් ස්ථාන දැනුවත් කොට තත්වය සලකා බැලීම් මත පදනම්ව විරෝධතා නොමැති බවට ලිපි නිකුත් කිරීම සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථාන දැනුවත් කරන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත උපදෙස් දුන් අතර එවැනි ඩ්‍රෝන මෙහෙයුම් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට දැනුම් දිය යුතු බවද, අවධාරණය කළේය.

Related posts

பெரும்பான்மையை நிரூபிக்குமாறு வடக்கு முதல்வரிடம் கோரிக்கை

Mohamed Dilsad

Sri Lanka fined for slow over rate in first ODI against New Zealand

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට මානුෂීය ආධාරයක්

Mohamed Dilsad

Leave a Comment