Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්

ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීම්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර තුනකට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මීට සුළු මොහොතකට පෙර එරට ජාතිය අමතා තිබේ. එහිදී අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉරානය දැන් සාමය ඇති කර ගත යුතු බවත් ඔවුන් එසේ නොකළහොත් අනාගත ප්‍රහාර බොහෝ විශාල වනු ඇති බවයි.

“මතක තබා ගන්න, ඉලක්ක බොහොමයක් ඉතිරිව තිබෙනවා. සමහර විට වඩාත්ම මාරාන්තික විය හැකියි. නමුත් සාමය ඉක්මනින් උදා නොවන්නේ නම්, අපි නිරවද්‍යතාවයෙන්, වේගයෙන් සහ කුසලතාවයෙන් අනෙක් ඉලක්ක වෙත යන්නෙමු” ට්‍රම්ප් ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.

එමෙන්ම සිදුකළ ප්‍රහාර විශ්මයජනක මිලිටරි සාර්ථකත්වයක් ලඟා කර ගත් බවත් තමාට ලෝකය හමුවේ පවසා සිටිය හැකි බවද ට්‍රම්ප් පැවසූ අතර ඊශ්‍රායලයට එල්ල වූ මෙම බිහිසුණු තර්ජනය මකා දැමීමට ඔවුන් කණ්ඩායමක් ලෙස කටයුතු කළ බවත් තමන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට සුබ පැතූ බවද අමෙරිකානු ජනාධිපතිවරයා සිය ජාතිය ඇමතමින් සඳහන් කළේය.

තවද සිදුකළ ප්‍රහාර හමුවේ ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික බලාගාර සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට තමන් පියවර ගත් බවද අමෙරිකානු ජනාධිපතිවරයා කීවේය. මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බෙන්ජමින් නෙතන්යාහු දුරකතන සංවාදයකද නිරත ව ඇති බවයි.

එමෙන්ම ප්‍රහාරයෙන් පසුව බෙන්ජමින් නෙතන්යාහු නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ජනාධිපති ට්‍රම්ප් සහ තමා බොහෝ විට පැවසුවේ ශක්තිය තුළින් සාමය යන්න බවයි. ඒ අනුව පළමුව ශක්තිය පැමිණෙන බවත් පසුව සාමය පැමිණෙන බවත් බෙන්ජමින් නෙතන්යාහු එහිදී පවසා තිබේ.

Related posts

Lionel Messi receives the Creu de Sant Jordi 2019

Mohamed Dilsad

Cabinet reshuffle likely on Wednesday

Mohamed Dilsad

Sri Lanka vs England, 3rd Test Day 4: ENG win by 42 runs, win series 3-0

Mohamed Dilsad

Leave a Comment