Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස් සැරයන්ලා දෙදෙනෙක් අත්අඩංගුවට

අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරී කරන පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඊයේ (21) අත් අඩංගුවට ගෙන තිබේ. ඒ, රුපියල් 25000 ක අල්ලස් මුදලක් ඉල්ලීම, ලබාගැනීම සහ ඊට අනුබල දීමේ චෝදනා මත ය.

වැලි ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාරයක් කරගෙන යන අයකුගෙන් එම ව්‍යාපාර කටයුතු ඉදිරියට කරදරයකින් තොරව සිදුකරගෙන යාමට ඉඩදීම සඳහා සහ එම ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් නීතිමය පියවර නොගෙන සිටීම සඳහා රුපියල් 25000 ක අල්ලස් මුදලක් මෙම පොලිස් නිලධාරීන් ඉල්ලා ඇති බවට ලැබුණු පැමිණිල්ලක් අනුව ඔවුන් දෙදෙනා අම්පාර නගරයේ ඔරලෝසු කණුව අසලදී අත් අඩංගුවට ගෙන ඇත. සැකකාර පොලිස් සැරයන්වරුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Related posts

රවී, රනිල්ගේ කණෙන් රිංගා දියවන්නාවට ගිය හැටි වජිර කියයි.

Editor O

කඳානේ වෙඩිතැබීමේ සුලමුල හෙළිවෙයි

Mohamed Dilsad

මෙවර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් ගත් විශේෂ තීරණය

Mohamed Dilsad

Leave a Comment