Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්

ඉරානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගැන තොරතුරු මෙන්න

මැද පෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධව තොරතුරු විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ ඉරානය තුළ ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකු සිටි බවත් ඉන් සිව් දෙනෙකු මේ වන විට රටින් පිටව ගොස් ඇති බවය.

ඒ අනුව මේ වන විට ඉරානය තුළ ශ්‍රී ලාංකිකයින් 37 දෙනෙකු සිටින බවද අමාත්‍යාංශය සඳහන් කළේය. අමාත්‍යාංශය පැවසුවේ මෙම රැඳී සිටින පිරිස අතරට ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් 05 දෙනෙකුද අයත් බවය. 

මේ අතර මෙම රැඳි සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් සිව් දෙනෙකු හෙට (23) දිනයේදී තුර්කි දේශසීමාව හරහා පිටත්වීමට නියමිත බවත් අමාත්‍යංශය සඳහන් කළේය. මේ අතර පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ ඉරානය තුළ ශ්‍රී ලාංකිකයින් 35 දෙනෙකු පමණ රැඳි සිටින බවය. ඉන් 8 දෙනෙකු ඉරාන ජාතිකයින් සමග විවාහ වී සිටින බවද අමාත්‍යවරයා එහිදී පැවසීය

Related posts

வைத்தியர் ஷாபி பிணையில் விடுதலை

Mohamed Dilsad

Four new envoys present credentials to President

Mohamed Dilsad

ICC increases ban for players found guilty of ball-tampering

Mohamed Dilsad

Leave a Comment