Trending Newsඑසැන පුවත්දේශීය

බස් අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට : 34 දෙනෙක්ට තුවාල

බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ හතරේ කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී යාමෙන් අද (21) පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බදුල්ල සිට අනුරාධපුරය දක්වා වන්දනාකරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් පැවති බස් රථයකි. ඔවුන් තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවද වාර්තා වේ.  අනතුර අද (21) සිදුව ඇත්තේ පස්වරු 06ට පමණය.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බදුල්ල පොලීසිය අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි. 

Related posts

பரீட்சை மண்டபத்தில் வைத்து O/L மாணவர்கள் இருவர் கைது

Mohamed Dilsad

කොළඹ වරාය නගරයට අදාළ පෙත්සම් විභාගය හෙටට කල්යයි

Mohamed Dilsad

වෛද්‍ය පර්යේෂණ ආයතනයට ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක්

Mohamed Dilsad

Leave a Comment