දේශීයප්‍රමුඛ පුවත 3

වෛද්‍ය පර්යේෂණ ආයතනයට ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක්

(UTV | කොළඹ) –  කොවිඩ් – 19 හඳුනාගැනීම වේගවත් කිරීමට සම්පූර්ණ ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක් අන්තර්ජාතික රොටරි සමාජය රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට පරිත්‍යාග කර ඇත.

PCR යන්ත්‍රය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුවත් කිරීම ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කර ඇත.

සම්පූර්ණ ස්වයංක්‍රීය නව PCR යන්ත්‍රයේ වටිනාකම රුපියල් දෙකෝටි විසිලක්ෂය ඉක්මවා තිබෙන අතර, එමඟින් පර්යේෂණවලදී මුහුණපාන මානව සම්පත් හිඟය මඟහැරවීමට හැකිවීම විශේෂත්වයකි.

ඒ පිළිබඳව ජනාධිපතිතුමා රොටරි සමාජයේ නියෝජිතයන්ට සිය ස්තූතිය පළ කළ අතර එම අවස්ථාවට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, වෙද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, රොටරි සමාජයේ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ අධිපති සෙබස්තියන් කරුණාකරන්, හිටපු සභාපති කේ.ආර්. රවින්ද්‍රන්, යෝජිත සභාපති පුබුදු ද සොයිසා යන මහත්ම මහත්මීහූ සහ රොටරි සමාජයේ නියෝජිතයෝද මේ අවස්ථාවට එක්ව සිටි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

Related posts

ඇගිලි සළකුණු යන්ත‍්‍ර පැත්තකට දමා සෞඛ්‍ය සේවයේ කෝටි 3923ක් හොරට අතීකාල ගෙවලා…

Editor O

මන්ත්‍රී නලින් බණ්ඩාර CID යට

Mohamed Dilsad

ඡන්ද නාම ලේඛන ලියාපදිංචිය පහසු කිරීමට ගෙන ඇති පියවර ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment