දේශීය

මන්ත්‍රී නලින් බණ්ඩාර CID යට

(UTV| කොළඹ) – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (05) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.   

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වු පරීක්ෂණවලට අදාළ කරුණු කිහිපයක් පිළිබඳ විස්තර ලබාගැනීම සඳහා මන්ත්‍රීවරයා ට අද දින කැඳවීමක් සිදුකර තිබුණි.

මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සමග සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියේය.

එහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වු අයට දැඩි දඬුවම් ලබාදෙනු ඇතැයි අපේක්ෂාවෙන් ජනතාව වත්මන් රජයට ජනවරමක් ලබාදුන් බවය.

Related posts

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දාගේ ගිනි අවි රැසක් පිළිබඳ විමර්ශන

Editor O

රුපියල අවප්‍රමාණයවීම තාවකාලිකයි – මුදල් රාජ්‍ය ඇමති

Mohamed Dilsad

Leave a Comment