දේශීය

මන්ත්‍රී නලින් බණ්ඩාර CID යට

(UTV| කොළඹ) – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (05) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.   

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වු පරීක්ෂණවලට අදාළ කරුණු කිහිපයක් පිළිබඳ විස්තර ලබාගැනීම සඳහා මන්ත්‍රීවරයා ට අද දින කැඳවීමක් සිදුකර තිබුණි.

මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සමග සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියේය.

එහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වු අයට දැඩි දඬුවම් ලබාදෙනු ඇතැයි අපේක්ෂාවෙන් ජනතාව වත්මන් රජයට ජනවරමක් ලබාදුන් බවය.

Related posts

හිටපු ඇමති මර්වින් සිල්වා අත්අඩංගුවට ගත් හේතුව මෙන්න

Editor O

මහ මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය හෙටින් අවසන්

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින්ට ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරිමට පියවර

Mohamed Dilsad

Leave a Comment