Trending Newsඑසැන පුවත්දේශීය

අධිවේගී මාර්ග සේවා පෙදෙස බදුදීම ගැන බිමල්ගේ ප්‍රකාශයට නාමල්ගෙන් ටොක්කක්

රාජපක්ෂලා විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා ප්‍රදේශය රුපියල් 10,000 කට 99 අවුරුදු බද්දකට ලබා දුන් බවට ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක කළ ප්‍රකාශය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ  මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

නාමල් රාජපක්ෂ මහතා සිය X ගිණුමෙහි පළ කළ සටහනක දැක්වුණේ, එම සේවා ප්‍රදේශය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට බදු දී ඇති බවයි.

එම ආයතන දෙකම රජයට අයත් ආයතන වන අතර,  මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගෙන් ඔහු යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පිළිබඳ විමසා මෙම කරුණු තහවුරු කරගන්නා ලෙසත් නාමල් රාජපක්ෂ සඳහන් කර තිබෙනවා.

විවේක ගැනීම සදහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ, වැලිපැන්න ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති සේවා ප්‍රදේශය රාජපක්ෂවරු විසින් අනූ නව අවුරුදු බද්දකට ලබා දී ඇත්තේ රුපියල් 10,000 ක් වැනි සුලු මුදලකට බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක ඊයේ (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ මිල්ලණිය ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ පැල්පොළ අන්තර් හුවමාරුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

Related posts

மாணவர்களுக்கு ஓர் மகிழ்ச்சியான செய்தி

Mohamed Dilsad

EU deploys observers to Sri Lanka for Presidential Election

Mohamed Dilsad

சிறுவர் உரிமைகளைப் பாதுகாக்கும் முயற்சிகளில் இலங்கை கணிசமான முன்னேற்றம்

Mohamed Dilsad

Leave a Comment