පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව ඔවුන්ගේ වත්කම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි ගණනාවක් හේතුවෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙම නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙක් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වන අතර, අනෙක් නිලධාරියා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් බව සඳහන්ය.
මෙම විමර්ශනය කරනු ලබන්නේ පොලිස් වත්කම් විමර්ශන කාර්යාංශය විසින් වන අතර, අදාළ පැමිණිලිවලට අනුව පසුගිය කාලය තුළ මෙම නිලධාරීන් දෙදෙනා විශාල වශයෙන් වත්කම් රැස් කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
