Trending Newsඑසැන පුවත්දේශීය

කොළොන්නාව නගර සභාවට සමගි ජනබලවේගයෙන් තේරීපත්වූ සුසිල්ගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි.

කොළොන්නාව නගර සභාවට සමගි ජන බලවේගයෙන් තේරී පත්වූ සුසිල් කුමාර කොස්තා යන අයගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, සමගි ජන බලවේගය පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව කොළොන්නාව නගර සභාවේ සභාපති හා උපසභාපති පත්කිරීමේ දී කටයුතු නොකිරීම හේතුවෙන් එලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බවය.

කොළොන්නාව නගර සභාව අද (18) උදෑසන පළමු වරට රැස්වූ අවස්ථාවේ දී උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, එහිදී විපක්ෂයේ සියලුදෙනා සභාවෙන් පිටව යද්දි මොහු පමණක් සභාවේ රැඳී සිටිමින් ජාතික ජන බලවේගයට සහාය දැක්වීම හේතුවෙන් කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

එහිදී කොළොන්නාව නගර සභාවේ සභාපති ධුරය සඳහා ජාතික ජන බලවේගයේ ධම්මික විජයමුණි මහතා තේරීපත්වූ අතර, උප සභාපති ධුරය සඳහා සමන් සෙනෙවිරත්න මහතා පත්වුණි.

Related posts

ගාලු වරායේ දී විදෙස් ජාතිකයෙක් මරුට

Mohamed Dilsad

“More investment opportunities through FTA” – Singaporean Premier

Mohamed Dilsad

දිනයකදී කල වැඩිම PCR පරීක්ෂණ ගණන ඊයේ දිනයේදී

Mohamed Dilsad

Leave a Comment