Trending Newsඑසැන පුවත්දේශීය

ඊශ්‍රායල – ඉරාන ගැටුම්කාරී තත්ත්වය ගැන, විපක්ෂය විවාදයක් ඉල්ලීමෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි.

පාර්ලිමේන්තුවේ කටයුතු, අද (18) දිනයේ ආරම්භයේදී උණුසුම් තත්ත්වයක් ඇති විය. ස්ථාවර නියෝග 19 (1) අනුව හදිසි තත්ත්වයක් සේ සලකා ඊශ්‍රායල ඉරාන ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව විවාදයක් ලබා දෙන්නැයි ඉල්ලමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමස්ත විපක්ෂයේ මන්ත්‍රීවරුන් නැඟී සිටියහ.

එහිදී සභාවේ යම් නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිවූහ‍. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මෙම යෝජනාව කතානායකවරයා වෙත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා අදහස් දක්වමින් අද (18) සවස තුනයි තිහට මේ සඳහා අවස්ථාවක් ලබා ගැනීම පිළිබඳව අදහස් දැක්වූහ.

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය දැක්වීම සහ දැඩි ඉල්ලීම හමුවේ එම විවාදය පැවැත්වීමට සභානායක අමාත්‍ය බිමල් රත්නායක කැමැත්ත පළ කළේය.

Related posts

Government Policy Statement to be debated on May 10

Mohamed Dilsad

මෙරටින් තවත් කොරෝනා මරණ කීපයක් [RELEASE]

Mohamed Dilsad

Supermaxis vie for early lead in Sydney-Hobart yacht race

Mohamed Dilsad

Leave a Comment